Monday, 19 January 2026
ගවේෂණ

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීමේ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

Posted On Sunday, 01 January 2017 07:37

රටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වල යෙදීම සිදු කරයි.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.

Posted On Saturday, 31 December 2016 16:07

කලට නිසි වැසි වාසීවායී ප්‍රාර්ථනා කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් පසුගියදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීය.
අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.  ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී , ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ.
 

Posted On Saturday, 31 December 2016 16:03

හිරු නැගෙන්නට පෙර ඇහැරී හිරු අස්තානගත වූ පසු නින්දට යන නිල්වලා මිටියාවතේ මිනිසුන්ගේ ජීවනාලිය වන්නේ නිල්වලා ගං කොමළියයි. විටෙක ශාන්ත සුන්දර වන නිල්වලා ගඟ විටෙක රෞද්‍ර සැඩපරුෂ වේ.

Posted On Saturday, 31 December 2016 16:01

එකිනෙකට සම්බන්ධ, කාලීන  වශයෙන් ඉහළ වැදගත් කමක් ගන්නා,අංශ කිහිපයක් ගැන විග්‍රහ කිරිම මෙම ලියමනෙහි අරමුණයි. මිල කළ නොහැකි දායාදය වන පරිසරය, ජන දිවියේ ආධ්‍යාත්මය මුදුන් කරන ආගම දහම හා එම අංශ සම්බන්ධ කරමින් සම්මත සමාජයක් ගොඩනගා ගැනිම යන පරමාර්ථ මෙහිදි ප්‍රමුඛ වේ. 

Posted On Saturday, 31 December 2016 15:58

පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන බවත් අනුරාධපුර රාජධානියේ ආරම්භක අවධිය දක්වා ම එම ඉතිහාස කතාව දිවෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ‍රැසක් හමුවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

Posted On Saturday, 31 December 2016 15:51

තද නින්දකින් පසු දෙනෙත් විවර කළ ශ්‍රියන්තිගේ දසුනට හසුවූයේ සිවිලිමේ කරකැවෙන විදුලි පංකාවය.

නිතරම හැම අත දුව යන හිත නිශ්චලය. කිසිම සිතුවිල්ලක් නැති මොහොතක් ඇය රස වින්දාය. ඒ නිදිමතෙන් පිබිදෙන මොහොත පමණි. විදුලි පංකාවේ රැදුන දෙනෙත් හරවා ඇය වටපිටාව දෙස බැලුවාය.

Posted On Saturday, 31 December 2016 08:04

“මචං, මෙයා කැත ගහෙන් වැටෙන කොට තිබිච්ච හැම අත්තකම හැප්පිලා වගේ නේද?”

සාප්පු සංකීර්ණයේ එකදු කඩයකින් වත් යමක් මිල දී ගැනීමට වත්කමක් නැති කොල්ලො රැලක් නර්මදා අසලින් කියාගෙන ගියහ.

“වැනියන් කළු වැනීයන්, කැත නාඹර වැනීයන්” වැනි පද කුඩා කළ පටන් තමන් වෙත එල්ල වූ බව දන්නා නර්මදා මෙවැනි නොහොබිනා කතා වලින් කුපිත වූයේ නැත.

Posted On Saturday, 31 December 2016 08:02

‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.

Posted On Saturday, 31 December 2016 08:01
Page 2 of 3