Friday, 29 November 2024
Editor

Editor

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන,14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරයි.

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කරයි.

ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

''ළමා ශ්‍රමය නිමා කරමු නැවුම් සිහින සැබැ කරමු'' යන තේමාව ඔස්සේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය අදට (ජුනි මස 12) යෙදි ඇති අතර මීට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයෙන් පවසයි.

කැබිනට් තීරණ--අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.