Tuesday, 26 November 2024
Editor

Editor


July 28, 2020
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය (27) එම පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 340 කට ආසන්න පිරිසක් එම නිලධාරීන්ව වටකර ගෙන විරෝධය පළ කර ඇති බව ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

එම ස්ථානයට පැමිණි එක් තානාපති නිලධාරියෙකු නිවාස අඩස්සියට පත්කර ගැනීමෙන් පසු ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය පැමිණ මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

lanka C news

 

රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ලබාදී තිබෙන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් පැවැත්වෙන අතර, ජූලි 21 වෙනිදා  ඇරඹි රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික  පෙරහර  මංගල්‍යය  අගෝස්තු 4 වෙනිදා තෙක් මහජනයාගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙනු ඇත. 
 
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ප්‍රධාන පෙරහර තුනක් අයත් වෙයි. බක් මහා පෙරහර, ඇසළ පෙරහර සහ ඉල් මහා පෙරහර ඊට අයත් පෙරහර වේ. කතරගම පුදබිමේ වාර්ෂික ආගමික උත්සව සහ පුද පූජා අතර ප්‍රමුඛත්වය හිමිවන්නේ ඇසළ මහා පෙරහරටයි. පෙරහර ආරම්භවීමට පෙර දිනයේ පූජා භූමියේ පිහිටි සංඝාවාස භූමියේ පිරිත් මණ්ඩපය තුළ චාරිත්‍රානුකූලව සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වනු ලබයි. මෙම පිරිත් දේශනාව බස්නායක නිළමේතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පෙරහර මංගල්‍යය සඳහා ආශිර්වාද ලබාගැනීම පිණිස එය පවත්වනු ලැබේ. මෙහි ප්‍රධාන අරමුණ  පෙරහරේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීම සහ  සියලු  රටවැසියන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීමයි. කඳ සුරිඳු නමින් ප්‍රකට කතරගම දෙවියන් හා වල්ලි අම්මාගේ විවාහය සිහිපත් කරමින් මෙම පෙරහර මංගල්‍යය සමරන බව පැරැණ්නන් අතර පිළිගැනීමක් පවතී. ඒ අනුව 2020 ඇසළ මස 21 වෙනි දින රාත්‍රියේ සුබ මුහුර්තියෙන් ආරම්භ වූ පෙරහර, නිකිණි මස 4 වෙනි දින ඓතිහාසික මැණික් නදියේ ජීවමාලී ගංතොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් පසු සමාප්තවීමට නියමිතයි.
 

 

අල්ලස් ලබාගැනීමේදී බොරැල්ල වනාතමුල්ල කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරිණිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. පදිංචිය සනාථ කෙරෙන සහතිකයක් ලබාගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේදී අදාළ සැකකාර ග‍්‍රාම නිලධාරිණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයගේ කාර්යාලයේදීයි. 

මෙලෙස අත්අඩංගුවට ගැණුනු ඇය වයස අවුරුදු 58 ක් වූ පිළියන්දල, කිරිවත්තුඩුව ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. සැකකාර පුද්ගලයා අල්ලස් ලබාගැනීමේ සිද්ධියේ තැරැව්කරු වන අතර ඔහු බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මෙම ග‍්‍රාම නිලධාරිණිය මීට පෙරද මෙවැනි අයථා අයුරින් මුදල් ලබාගැනීම් සිදුකර ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.  සැකකරුවන් දෙදෙනා අලූත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවලට තහනම් භාණ්ඩ විසි කරන කල්ලියේ ප්‍රධානියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අද (28) පෙරවරුවේ පාර්සලයක් මැගසින් බන්ධනාගාරයේ තාප්පයකට ඉහළින් විසි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

(එම පාර්සලේ තිබු භාණ්ඩ පහත ඡායාරූපවල දැක්වෙයි.)

08.jpg

07.jpg

09.jpg

 උපුටා ගැනීමකි 


July 28, 2020

රටේ ජනතා මුදල්වලින් රුපියල් කෝටි පහක් වැය කර එක් තක්කඩියෙකු පාර්ලිමේන්තු යවා වැඩක් නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවැසීය.

‘‘පැෆරල්’’ සංවිධානයේ දේශීය මැතිවරණ නිරීක්ෂකයින් දැනුවත් කිරීම සඳහා පැවැති වැඩ සටහනක දී රෝහණ හෙට්ටිආරච්චි මේ අදහස් ප්‍රකාශ කළේය.

ජනතා නියෝජිතයෙකු ලෙස තෝරා පත් කර ගැනීමේ දී නිසි සලකා බැලීමක් සිදු වන්නේ නැහැ. බාහිර කාරණා රැසක් අනුව මාධ්‍ය චරිත හදනවා. මෙය තනිව මාධ්‍යයට, සිවිල් සංවිධාන හෝ මාර්තු 12 ව්‍යාපාරයට පමණක් සිදු කළ හැකි දෙයක් නෙමෙයි. මේක ගැන රටේ සාමාන්‍ය ජනතාව කතා කරන තැනට ගෙන ඒම සිදු විය යුතුයි.

පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනාම එපා කියලා කිව්වත් නැවත ජනතාව එවුන් වටා පෙළ ගැසෙනවා. මන්ත්‍රීවරයා අවශ්‍ය තමන්ගෙ ළමයාව හොඳ පාසලකට දාගන්න, ගමේ පාර හදාගන්න, රස්සාවක් ඉල්ලගන්න කියලා අපේ රටේ බොහෝ දෙනා තවම හිතන්නෙ. රටේ රැකියා නැති සියලු දෙනාට රැකියා ලබා ගැනීමට වැඩපිළිවෙළක් සැකැසීම මන්ත්‍රීවරයාගේ කාර්ය භාරය කියලා කවුරුත් හිතන්නෙ නෑ. ර ෙට් සෑම දරුවෙකුටම හොඳ පාසලක් හදල දීම මන්ත්‍රීවරයාගේ වගකීම කියලා කවුරුත් හිතන්නෙ නෑ.

 Lanka Lead News


28.07.2020
වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සාධනීය වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොකළහොත් හිම වලසුන් වසර 2100 දී මොලොවින් තුරන්ව යාහැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමග මේ වන විට ආක්ටික් සාගරයේ හිම කඳු දියවන්නට පටන් ගෙන ඇති අතර මෙය ඉදිරියේදී තවදුරටත් වේගවත්ව සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.

කැනඩාවේ ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ හිම කඳු දියවීමත් සමග හිම වලසුන්ට යන්නට තැනක් නොමැති වන බවයි. මේ වන විටත් හිම කඳු දියවීම ලෝකයේ හිම වලසුන්ගේ ගහනය අඩු වීමට බලපා තිබේ.

විශේෂයෙන්ම මෙය හිම වලස් පැටවුන්ගේ මරණ වලට බලපා ඇත. උෂ්ණත්වය වැඩි කාලවලට වලස් මව්වරුන්ට තම පැටවුන්ට අවශ්‍ය කිරි නිපදවීමට වලස් මව්වරුන්ගේ ශරීරයේ ඇති මේදය ප‍්‍රමාණවත් නොවීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් වලස් පැටවුන් මියයන බව හෙළිවී තිබේ.


කොළඹ හත කී සැණින් කාටත් මතක් වන්නේ මහා ලොකු ධනවතුන්ය. ඒත් කොළඹ හතේ සමහර ධනවතුන්ට නම් ඒ ධනවත්කමත් අද ජීවිතවල සැනසීම නැති කරන්නට සමත්ව ඇත. ඒ සැනසීම උදුරා ගනු ලබන්නේ එකී ධනවතුන්ගේ මිලියන ගණන්, බිලියන ගණන් වටිනා සමහර ඉඩකඩම්වලට ජාවාරමුන් විසින් වංචාකාරී ලෙස හොර ඔප්පු හැදීමෙනි.

බොහෝ විට මේ ධනස්කන්ධයක් පිරි පවුල්වල ඇතුළත ඇත්තේ බොහෝ දෙනෙක් නොදන්නා කතන්දරයයි. සල්ලි දේපොළ තිබුණට සමහරුන්ට දරුවන් නැත. සමහරුන්ගේ දරුවන් සිටියද ඔවුන් විදෙස් ගතවය. සමහර විට කාට හෝ මේ දේපොළ බලා කියා ගන්නැයි පවසා මුළු පවුලම විදේශයන්හි පදිංචියට ගොසිනි. වයස්ගතව මෙහෙකරුවන් ද තබාගෙන මේ නිවෙස්හි තනිව ජීවත් වෙන තවත් පිරිසකි. මේ කිසි​ෙවක් උසාවි පොලිසි ගාණේ යන්නට අකැමැත්තෝය. මේ බව දන්නා සංවිධානාත්මක කල්ලි උපක්‍රමශීලීව ඔප්පු තිරප්පුවල තොරතුරු හොයා ව්‍යාජ ඔප්පු සකසති. අනතුරුව ඒවායේ උරුමය හා බලෙන් පදිංචි වෙති. නැත්නම් තව කාට හෝ විකුණති. එසේත් නැත්නම් බැංකුවලින් ණය ලබා ගනිති. නිවෙස්හි හිමිකරුවන් සිටියදීම සංවිධාන්මක ​කල්ලි එසේ හොර ඔප්පු උරුමය හදාගෙන නිවෙස්වලට කඩා වදිති. එය සංවිධානාත්මක කල්ලි පමණක් නොව හිටපු කැබිනට් ඇමැතිවරු පවා බලෙන් ඇල්ලූ නිවෙස්වලට කඩා වැදුණු සිද්ධි විය. කොළඹ හතේ හෝර්ටන් පෙදෙසේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය අසල ඇති නිවසකට හිටපු කැබිනට් ඇමැතිවරයකුගේ ස්පා පෙම්වතියක් දමා අල්ලා ඇති නිවස එවැන්නකි.

කෙසේ හෝ ජාවාරමුන් මෙසේ සංවිධානාත්මක ලෙස බලෙන් දේපොළ පැහැර ගනිද්දී සමහරෙක් නිහඬව සිටිති. සමහරෙක් නඩු කියමින් තම දේපොළ රැක ගන්නට ඔවුන් හා සටන් වදිති. අවසානයේ තම දේපොළ නිසාම ජීවිතයෙන් ඔවුනට වන්දි ගෙවන්නටත් සිදුවෙයි. කොළඹ හතේ විසූ කෝටිපතියකු වූ අසෝකා දසනායකට අත්වූයේත් ඒ ඉරණමයි.

ඔහු අසෝකා දසනායකය. ගණකාධිකාරිවරයකු වූ අසෝකා රගර් ක්‍රීඩාවෙන් නම ඉහළට ගෙනගිය අයෙකි. ඔහුගේ පියා බ්‍රිතාන්‍ය සමයේ කොළඹ ගම් මුලාදෑනියෙකි. බිරිඳ ප්‍රමිලා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක වූවාය. කොළඹ හතේ මෙන්ම කොල්ලුපිටිය, නිට්ටඹුව ඇතුළුව රට පුරා වටිනාම ඉඩකඩම් හා නිවාස ඔවුනට උරුමව තිබිණි. ඒවා පාරම්පරික උරුමයන්ය.

අසෝකා හා ප්‍රමිලා දෙදෙනාට සිටි එකම පුතු අසෝක ක්‍රිස්ටෝපර් දසනායක හදිසි රිය අනතුරකින් මියැදෙන්නේ 2006දීය. ඒ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරද්දීමය. පුතුගේ මරණයත් සමග අසෝකා හා ප්‍රමිලා ඇමරිකාවට යන්නේ ඒ වියෝව දරාගත නොහැකිවය.

මේ වනවිටත් අසෝකා දිසානායකගේ මව ෆීලිස් පෙරේරා නිට්ටඹුව වලව්ව හා කොල්ලුපිටියේ වූ අංක හයේ නිවස බලා කියාගෙන ඒවායේ පදිංචිව සිටියාය. ඇගේ සැමියා ලූක් පෙරේරා බ්‍රිතාන්‍ය සමයේ නිට්ටඹුවේ ගම්මුලාදෑනියාය.

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිට්ටඹුවේ පිහිටි අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් වූ පොල්ගහආගරවත්ත තුළ පිහිටි වලව්වේ ෆීල්ස් පෙරේරා නිතර රැඳී සිටියාය. ඇයගේ දරුවන්ට හිමි ඉඩකඩම්වල වූ ඔප්පු තිරප්පු තිබුණෙත් එම වලව්වේමය. පොල්ගහආගරවත්තේ වූ අක්කර දෙසීයක් පමණ පුද්ගලික ආයතන කිහිපයකට විකුණද්දී සියලු ඔප්පු තිරප්පු අතපත ගෑවේ වත්ත බලාගත් කොන්දොස්තර වූ ධනසිරිය.

නිට්ටඹුවේ වලව්වත් සමග තවත් අක්කර 32ක් අසෝකා දසනායකට ඔප්පුවලින් උරුම වී තිබුණි. මේ ඉඩමේ අද වටිනාකම රුපියල් බිලියන 2.4කි. මේ ඉඩමට හිටි හැටියේ වත්තේ ගරාජයේ නැවතී සිටි කොන්දොස්තර අයිතිය කියාගෙන ආවේය. ඒ 2008 වසරේදී ඉඩම අසෝකාගේ මව තෑගි ඔප්පුවකින් ඔහුට දුන් බව කියමිනි.

සිදුවී ඇති දෙය ඉඩම් හිමිකරුවන්ට අනාවරණය කරගත හැකි වන්නේ ඉන්පසුවය. ෆීලිස් පෙරේරා නිට්ටඹුව වත්තෙන් අක්කර දෙසීයක් විකුණන අවස්ථාවේ වලව්වේ තිබූ ඔප්පු තිරප්පු අතගෑ කොන්දොස්තර විසින් ඔප්පු පන්නා තිබුණි. එම ඔප්පුවලට හොර ඔප්පු හදන මෙහෙයුම පසුපස සිට තිබුණේ දේශපාලන පාතාලය හා කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකි.

එවන් ප්‍රශ්න මධ්‍යයේ තම ඉඩකඩම් බලාගන්නට නොහැකි වූ තැන කුරුණෑගල කටුපිටිය වත්ත විකුණන්නට අසෝකාගේ මව කටයුතු කළාය. ඒ වනවිට ප්‍රමිලාත්, අසෝකාත් ඇමරිකාවේ තාවකාලිකව පදිංචියට ගිය නිසා එම ඉඩම රුපියල් මිලියන 15කට ඇය විකුණා දැමුවාය. එම ඉඩම විකුණාගත් මුදල් කොල්ලුපිටිය, අංක 06 පිහිටි අසෝකාට අයත් නිවසට රැගෙන ආ දිනයේම රහස් පොලිසියෙන් කියා ආයුධ රැගෙන ආ කල්ලියක් කොල්ලකාගෙන ගොස් තිබුණි. මේ කටුපිටිය ඉඩම විකුණන්නට බ්‍රෝකර්වරු සොයා දී තිබුණේ නිට්ටඹුව වත්තේ කොන්දොස්තර වූ ධනසිරිය.

එම සිද්ධියෙන් සතියකට පසු අසෝකා සහ ප්‍රමිලා යුවළ ලංකාවට පැමිණෙන්නේ තම දේපොළ රැකගැනීමේ සටනටය. ඒ වනවිටත් වත්තේ කොන්දොස්තර මාර්ගයෙන් නිට්ටඹුව වලව්වේ තිබූ ඔවුන්ගේ සියලු ඉඩකඩම්වල ඔප්පු පිටපත් පිටතට ගොස් තිබුණේය.

2014 වසරේදී එක්වරම අසෝකාට අයත් කොළඹ හතේ වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට යාබද ඉඩමට හොර ඔප්පුවකින් අයිතිය කියන්නට තවත් චරිතයක් කරලියට ආවේය. ඔහු කියන්නේ තමන් අසෝකා දසනායකගේ බිරිඳගේ පෙම්වතා බවය. ඇය තමන්ට මේ දේපොළ තෑගි ඔප්පුවකින් දුන් බවත්. තෑගි ඔප්පුවට අත්සන් කළේ ඩර්ඩන්ස් රෝහලේ රථගාලේදී තමන්ගේ ත්‍රිරෝද රථයට නැග බවත් ඔහු කියා සිටියේය.

කිලෝග්‍රෑම් 140ක් පමණ බරැති තරබාරු අයකු වූ ප්‍රමිලා දසනායකට ත්‍රිරෝද රථයකට නැග ගන්නට තබා ඇඳෙන් නැගිටගන්නවත් බැරි තරම් අසනීප වී සිටියදී තෑගි ඔප්පුවකට අත්සන් කළ බව කියමින් මතුවූ පුද්ගලයාට එරෙහිව නීති මගට බසින්නට දසනායක යුවළට සිදුවිය. 2014දී දසනායක පවුලේ අය කොළඹ හතේ නිවස තුළ සිටියදී බලහත්කාරයෙන් තිදෙනකු පැමිණ උඩුමහලේ පදිංචි වූහ. පාටි දමමින් නිවසට අරක්ගත් පිරිසේ තෑගි ඔප්පුවක් ගැන කියූ අනුරද විය.

දරුවන් මියගිය නිසා දසනායක පවුලට උරුමක්කාරයකු නොමැති බව මෙම කණ්ඩායම් සිතුවා විය හැකිය. නමුත් තම පවුලේ දේපොළ පිටස්තරයන්ට යන්නට නොදී රැක ගන්නට ඔවුන් ඒවා කෙනකුට පවරා තිබුණි. එසේ දේපොළ පැවරුවේ ඇන්ඩෲ සමරකෝන්ටය. ඔහු ගුවන් නියමුවෙකි. ඇන්ඩෲව එම පවුලේ ඥාති උරුමය වෙනුවෙන් සටන් කරන්නට මෙරටට ගෙන්වා ගත්තේ අසෝකාමය. අසෝකා දසනායකගේ පියා සහ ඇන්ඩෲගේ අත්තම්මා එකම පවුලේ සොහොයුරන්ය. ඒ අයුරින් පවුලේ උරුමය රකින්නට ඇන්ඩෲට සියලු දේපොළ අසෝකා විසින් ලිඛිතව පවරා දී ඇත්තේ රහසිගතවය. එය හොර ඔප්පු හැදූ ජාවාරමුන් නොදැන සිටි කරුණක් විය. ජාවාරමුන් අසෝකාගේ නිවසේ බලෙන් පදිංචි වූයේද ඒ බැව් නොදැනය. 2014 දී කොළඹ හතේ නිවසට පැමිණ බලෙන් පදිංචි වූ පිරිස එළවා දමන්නට විදේශයක සිටි ඇන්ඩෲ වහාම ලංකාවට ආවේය. ඔහු කුරුඳුවත්ත පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කළ පසුව උරුමය කියන්නට ආ තිදෙනා මාස තුනක් මහඋළු ගෙයි රැඳවෙන්නේ බලහත්කාරයෙන් නිවසක පදිංචි වීමේ වරදටය. මේ අතරේ දසනායක පවුලට අයත් මීරිගම, මැදිකැලේ වත්ත ඉඩම් අක්කර දාහතකට ව්‍යාජ ඔප්පුවක් සකසා බැංකුවකින් මිලියන 280ක ණයක් ගැනීමට යද්දී එයද හසුවුණේය. අනුන්ගේ ඉඩමකට හොර ඔප්පු ලියූ නීතිඥයාට අන්තිමට නවතින්නට වූයේ මහඋළු ගෙදරය.

අපරාධකරුවන්ගේ මේ සියලු ජාවාරම් කුමන්ත්‍රණ ගැනත් අසෝක දසනායකගේ ඝාතනය ගැනත් හොඳින් දන්නේ ගුවන් නියමු ඇන්ඩෲය.

‘‘අපිට කොළඹ ගෙවල් හතක් තියෙනවා. මගේ කොල්ලුපිටියේ අංක 30/2 නිවසටත් හොර ඔප්පු ගහලා. බැංකු මැනේජර් කෙනෙක් අල්ලාගෙන මිලියන පහක (ලක්ෂ පනහක) ලෝන් එකකුත් පාස් කරගෙන. හැබැයි ලෝන් එක ගත්ත මනුස්සයා සත පහක්වත් වාරික ගෙවලා තිබ්බෙ නැහැ.’’

කොල්ලුපිටියේ නිවස වෙන්දේසි කරන්නට කියා බැංකු නිලධාරීන් පැමිණි විට ඇන්ඩෲගේ පවුලේ අයට දෙලෝ රත්විය. ඒ තමන් පදිංචි නිවසට හැදූ හොර ඔප්පුවට බැංකුව ණයකුත් දී තිබූ නිසාය. මෙවර මහ මැතිවරණයටත් පෙනී සිටින එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙම හොර ඔප්පු චෝදනාව නැගුණේය. ඔහු වෙනුවට උසාවියේදී බැංකුව සමග නඩු කියන්නට සිදුවන්නේ ඇන්ඩෲ‍ග් පවුලේ අයටය. නඩුව යද්දී හොර ඔප්පුවට ණයක් දුන් බැංකු කළමනාකරුත් අතුරුදන් විය.

තම මව උසාවි ගණනේ රැගෙන යා නොහැකි නිසා බැංකුවට තමන් සතු ලක්ෂ පනහක් ගෙවා නඩුව අහවර කරගැනීමට ඇන්ඩෲගේ පවුලට සිදුවිය. තම ඉඩමට හැදූ හොර ඔප්පුවට වගකිව යුත්තන් පසෙක සිටියදී ඇන්ඩෲට බැංකුවේ වරද නිවරදි කරන්න වූයේ ඒ ලෙසින්ය.

‘‘හොර ඔප්පුවක් හදලා රෙජිස්ට්‍රාර් කරලා කාගෙන් හරි ඉඩමට ඇඩ්වාන්ස් එකක් ගන්නවා. ඊට පස්සේ අයිතිකාරයෝ බිය වද්දනවා. එක්කෝ බය කරලා අඩුවට ඉඩම ගන්නවා. අපේ නිට්ටඹුවේ ඉඩමටත් මේකමයි කරන්න ආවේ. කම්පැනිකාරයෝ ඉඩම ඉල්ලනනවා. බොරු ඔප්පු හදපු කොන්දොස්තරව එයාලා අයින් කරගන්නම්ලු. මේක එකතුවෙලා කරන මාෆියාවක්. මේ කොළඹ 07 ගෙදර මිලදී ගන්න මේ රටේ ප්‍රබල ක්‍රිකට් තරුවක් ඇවිත් තියෙනවා. ඔය හොර ඔප්පු කල්ලිය ඒ ක්‍රිකට් තරුවෙන් කෝටි එකහමාරක අත්තිකාරම් මුදලකුත් ගත් බව කියනවා.’’

එපමණක් නොව ප්‍රමිලා සහ අසෝකා දෙදෙනාම ජීවත්ව සිටි මේ කාලයේ ආර්යාවක් යැයි කියාගත් ප්‍රභූ තැනැත්තියක්ද හොර ඔප්පු කල්ලියේ තොරතුරු මත මෙය මිලට ගන්නට විත් ප්‍රමිලා ඇයට බැණ වැදී ද ඇත.

‘‘ආන්ටි ප්‍රමිලාගේ නමට තියෙන ඉඩම්වලටත් මෙයාලා මේකම කළා. ආන්ටි ප්‍රමිලා 2017දී නැතිවුණා. එයා ඊට කලින් උසාවියට ඇම්බියුලන්ස් එකකින් ගෙනිහින් ඇඳේ ඉඳන්. ස්ටේට්මන්ට් එකක් දුන්නා. ඇඳෙන් නැගිටගන්න බැරි කෙනා අනුර කියන කෙනාට තෑගි ඔප්පු දුන් කතාව බොරුවක් කියලා සාක්කියක් උසාවියට දුන්නා. හොර ඔප්පුවේ තියෙන්නේ බොරු අත්සනක් කියලත් රිපෝට් එකක් ආවා. ඒ එක්ක තමයි මේ කල්ලිය අසෝකා අංකල්ව මරන්න සැලසුම් කළේ.’’

අසෝක දසනායකගේ ඝාතන කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඔවුන් කෝටි දෙකක් මිල නියම කර තිබුණි. ඝාතන කොන්ත්‍රාත්තුවට තෝරාගෙන තිබුණේ හමුදාවෙන් ඉවත් වූ දෙවැනි ලුතිනන්වරයෙකි. ඔහු දෙවතාවක් අසෝකාගේ අංක 06 ලිපිනයේ වූ කොල්ලුපිටියේ නිවස අසලට පැමිණ ගියේය. සේවකයන් දසදෙනකු පමණ සිටි නිසා ඔහුට ඉලක්කය අපහසු වී තිබුණි. ජාවාරමුන්ගේ බලාපොරොත්තු ඉටු නොවූ තැන බොරැල්ලේ කුඩු ගසන්නකු මේ සඳහා සහායට ගත්තේය. ඒ අනුව ඝාතනය සඳහා යාමට දිනය යොදාගෙන තිබුණේ ඉකුත් ජනවාරි 15දාය.

‘‘උදේ 6.00ට අංකල් නැගිට්ටට පස්සේ එකපාරටම වත්ත පිටිපස්සෙන් ගෙට ඇතුළු වුණු කණ්ඩායමක් සේවකයන්ගේ අතපය බැඳලා තිබුණා. එතැන ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ෆෝන් එක කනේ ගහගෙනම ‘හාමු කෝ’ කියලා සේවකයන්ගෙන් අහලා තිබුණා. එත​කොට අංකල් එකපාරටම එළියට ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ අංකල් ‘මෙහේ තියෙන ඔක්කොම අරන් යන්න’ කියලා ආපු අයට කිව්වලු. ආපු එක්කෙනෙක් අංකල්ට ගහන්න යද්දි අංකල් මිනිහව පොළොවේ ගහලා තිබුණා. ඒත් එක්කම තමයි උඩට වෙඩි තියලා අංකල්ට පිහියෙන් ඇනලා ගිහින් තිබුණේ. මම සිද්ධිය දැනගත්ත ගමන් දුවගෙන ඇවිත් අංකල්ව හොස්පිටල් එකට ගෙනිච්චා. එයාව ප්‍රතිකාරවලින් පස්සේ දැඩි සත්කාර ඒකකයට දැම්මේ බරපතළ නිසා.’’

එම සිද්ධියෙන් දින තුනකට පසුව අසෝකා දසනායක කොළඹ ජාතික රෝහලේදී මිය යන්නේය.

නැවත ජාවාරමුන් වැඩ පටන් ගත්තේ අසෝකා මියගොස් සතියකිනි. කොල්ලුපිටිය නගරයේ සිදුවීම වූ නිවස විකුණන්නට හොර ඔප්පු කල්ලියේ බ්‍රෝකර්වරුන්, රටේ නමගිය හාල් මෝල් හිමිකරුවකු හා හිටපු ඇමැතිවරයකුද රැගෙන ආහ. මේ වනවිට අසෝකාගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා යටතේ විමර්ශන ඇරඹෙන්නේය. මාස ගණනක් තිස්සේ සාක්ෂි රැස් කරමින් ගිය රහස් පොලිසිය ඝාතනයට සම්බන්ධ කුඩ්ඩා හා හමුදා ලුතිනන්වරයා කොටු කරගත්හ. ඉන්පසු ඔවුන් මෙහෙයවූ ප්‍රබල චරිත සොයායෑමේ මෙහෙයුමක්ද ඇරඹිණි.

‘‘මට දේපොළවල අයිතිය පවරලා කියලා මේ අය දැනගෙන හිටියේ නැහැ. ඔස්ට්‍රේලියාවෙන් කෙනෙක් ඇවිත් ගෙදර ඉන්නවා කියලා හොර ඔප්පු හදපු මනුස්සයා කුරුඳුවත්ත පොලිසියටත් පැමිණිලි කරලා. පොලිසිය ඒ පැමිණිල්ලට කොළඹ 07 ගෙදරට ඇවිත් දේපොළ හිමි මගෙන් ප්‍රශ්න කළා. එදාට පහුවදා ඩිෆෙන්ඩර්වලින් අපේ වතු හතරටම මැර කණ්ඩායම් ආවා. ඊට පහුවදා රෑ ත්‍රීවීල් එකක් ඇවිත් අපේ කොළඹ ගෙදර කට්ටිය ඉඳිද්දීම ගේට්ටුවලට පැඩිල් ලොක් දැම්මා. මේ සියල්ල සීසීටීවී සාක්ෂිත් එක්ක තියෙනවා.’’

ඇන්ඩෲ කියන්නේ ඔහුව මේ අයුරින් නිවසින් එළවන්නට හැදුවද ඔහුත් සමග පවුලේ ඥාතීන් දස දෙනකුට මේ දේපොළ නීත්‍යනුකූල ලෙස පැවරී ඇති බවය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

ඡායාරූප – ප්‍රදීප් දඹරගේ

 
 
 

 ස්ටෙෆාන් ටෝනිගේ ඇස ස්විස් නදියේ මඩ පැහැ ජලය දෙසට යොමු වන විට ඔහු උතුරු මුහුද ආශ්‍රිතව පර්‌යේෂණයන්හි නියැළෙමින් සිටියේය. ඊට දශකයකට පෙර ස්විස් නදියේ සංවර්ධන කාර්යක නියැළුණේ අලුතෙන් තනන නැව් ඒ ඔස්සේ ඉහළින් පිහිටි නැවතුම්පොළ කරා ගෙන යා යුතු බැවිනි.

මේ වෙනස්කම් මගින් ගංගාවේ ස්වාභාවික රිද්මය වෙනසට ලක් විය. මුහුදු ජලයද නදිය ඔස්සේ ගොඩබිමට ගලා ආවේය. එම රළ ප්‍රවාහය විසින් ගංගා පත්ලේ තැන්පත්ව ඇති මඩ ස්ථිර කැලැඹීමට ලක් කෙරිණි. පසුගිය වසර 120ක පමණ කාල සීමාව පුරාම උස් හා පහත් රළ අතර දුර ඇතුළු දත්ත දෙසට විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය.

කැලිෆෝනියා බහු තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥයකු වන ටෝනි පවසන්නේ නිරන්තරයෙන් නැගෙන රළ පිළිබඳ වාර්තා තබා ගත් බවය. එම දත්ත විශ්ලේෂණය කළ විට පැහැදිලි වූ කාරණා විමතිය දනවන සුලු වූ බවද ඔහු පෙන්වා දේ. ‘‘දීර්ඝ කාලීන වශයෙන් ඒවායේ වෙනස්කම් ඇති වුණා පමණක් නොවෙයි ඒවා බොහෝ සෙයින් වෙනස් වීම්වලට ලක් විය හැකි බව අපට පෙනුණා.’’යැයි ඔහු පවසයි.

වැඩි දෙනකු කල්පනා කරන්නේ එවැනි රළ ප්‍රවාහ නිරන්තරයෙන්ම දැකිය හැකි සංසිද්ධියක් ලෙස හා අපේක්ෂා කළ හැකි තත්ත්වයක් වශයෙනි. වෙරළාසන්නව රළ නැගීම මෙන්ම බැසීම සමගද හිරුගේ හා සඳුගේ බලපෑම සම්බන්ධ බව දන්නා කාරණයකි. රළ පිළිබඳ දන්නා අයුරින් එම නැගීම් හා බැසීම් පිළිබඳ ඉතා කෙටි කාලයක් තුළ අනුමාන පළ කිරීමට පළපුරුදු ඇති අයට හැකියාව තිබේ. එසේ වුවද ලොවු පුරා වෙරළාශ්‍රිතව සිදු වන මේ සංසිද්ධිය තුළ සිදු වන කැපී පෙනෙන වෙනස්කම් එලෙස පැහැදිලි කළ නොහැකි බව සමුද්‍ර විද්‍යාඥයන්ට පෙනී ගියේය.

මේ පිළිබඳ සිදු කළ අධ්‍යයනවල දී පෙනී ගියේ එවැනි වෙස්කම්වලට වගකිවයුතු වන්නේ මානව ක්‍රියාකාරකම් බවයි. ස්විස් නදියේ සිදු කළ දෑ මෙන්ම වෙරළාශ්‍රිත තෙත් බිම් ගොඩ කිරීම වැනි ක්‍රියාද අයත් වන්නේ එයටය. මෙවැනි ක්‍රියාකාරකම්වල ස්වභාවය අනුව මේ තත්ත්වය සංකීර්ණයි. ඇතැම් තැන්වල උදම් රළ නැගෙන්නේ සිතා ගැනීමටවත් අපහසු අයුරිනි. තවත් තැන්වල එය අවමය. කෙසේ වුවද උදම් රළ ප්‍රවාහවල සිදුව ඇති මේ වෙනස්කම් වෙරළාශ්‍රිතව ජීවත් වන මිලියන සියගණනක් දෙනාගේ ජීවිතවලට බලපෑම් ඇති කරන්නේය. මේ අතරින් බරපතළම අභියෝගයක් ලෙස පෙනෙන්නේ උදම් රළවල සිදු වන මෙවැනි වෙනස්කම් මුහුදු මට්ටම ඉහළ නැගීමේ අවදානම ඇති කිරීමය.

පොසිල ඉන්ධන දහනය මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමට හේතු වන අන්දමින් පරිසරයට හරිතාගාර වායුන් නිදහස් කිරීමට හේතුවන ක්‍රියාවන්වල නියැළීම දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයට ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් හිම කඳු දියව යෑම සිදු වන අතර සාගර ජල පරිමාව වැඩි වේ. එය බොහෝ වෙරළාශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු මට්ටම කිසිදා නොවූ විරූ අයුරින් ඉහළ ගොසිනි. එය ඇතැම් පහත් බිම් සාගර ජලයෙන් යට වීමට තරම් බලපා තිබේ. එය විශාල අනාගත අවදානමකි. මහා බ්‍රිතාන්‍යයේ සදම්ප්ටන් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීවවිද්‍යාඥයකු වන ඉවාන් හේ පෙන්වා දෙන්නේ මිනිසුන් අවබෝධ කර නොගන්නා කාරණය නම් මේ අන්දමින් උදම් රළ නැගීම ඉහළ ගියහොත් මෙහි බලපෑම් තවත් වැඩි වීම බවය.

''උදම් රළවල ඇති වන වෙනස්කම් ගැන ඉංජිනේරුවෝ අවම වශයෙන් ශතවර්ෂයක් තිස්සේ දැන සිටියා. ස්විස් නදියේ කළ ඉදිකිරීම් රළ ප්‍රවාහ නැගීමේ දී ඇති කළ බලපෑම් ගැන වර්ෂ 1899 පමණ සිට ඔවුහු අනුමාන කළා. එම ඉදිකිරීම් නිම කළ පසු ඔවුනට පෙනී ගියේ තත්ත්වය අපේක්ෂා කළ තරමටත් වඩා බරපතළ බවයි.'' යනුවෙන් ඔහු කියයි.

ලොව පුරා මේ ගැන දත්ත රැස් කර ගැනීමටත් ඒවා විශ්ලේෂණය කිරීමටත් හැකි වූයේ මෑතකදීය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එම ප්‍රතිඵල මීට 10 වසරකට පෙර තිබූ තත්ත්වය සමග සසඳන විට ඉතා පුළුල් ලෙස වෙනස්කම් ඇති බවය.

උදම් රළ නැගීම සමග මහපොළොව, ඉර, හඳ යන ත්‍රිත්වයේම ගුරුත්ව බලපෑම් සම්බන්ධය. එම බලපෑම් වෙනසට ලක්ව ඇත්තේ කෙටි කලකදීම නොවේ. මේ ත්‍රිත්වය අතර ඇති අන්තර් සබඳතාව ගැන මෙහිදී අවධානය යොමු කළ යුතුය. තවද උදම් රළ චක්‍රයේ නිසාම වෙරළාශ්‍රිත ජල මට්ටම ඉහළ හෝ පහළ යෑම සිදු වේ.සමාන්‍ය තත්ත්ව යටතේ එම වෙනස්කම් සිදු කළ හැකි වුවද මෙම වෙනස් කම් නිසා ඇති විය හැකි තත්ත්වය සිතා ගැනීම අපහසුය.

මේ බලපෑම් කිලෝමීටර් සියගණනක් රට ඇතුළත දී පවා දැනෙන තත්ත්වයක් තිබේ. දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව තරණය කරන අය උදම් රළ හඹා යයි. විද්‍යාඥ කේකි පවසන්නේ මීට හේතුව අප විසින්ම කළ වෙනස්කම් බවය. ''මේක හරියට පිහිනුම් තටාකයක හෝ නාන බේසමක ඇති ජලය හැඩය ගැනීම වගේ දෙයක්.'' ඔහු පවසයි. නොයෙක් ඉදිකිරීම් නිසා දියයට භූමි කලාපයේ ඇති වන වෙනස්කම් හේතුවෙන් උදම් රළ ප්‍රවාහවල සිදු වන වෙනස්කම් ඉතා විශාල විය හැකි බව ඔහු පෙන්වා දේ. උතුරු කැරලිනාවේ කේප් ගියර් ගංගාව නාවික ඇළ මාර්ගයක් වශයෙන් යොදා ගැනීමට හැකි වන පරිදි ගැඹුරු කෙරිණි. ඉන් පසු විල්මින්ස්ටන් නගරයේ උදම් රළ නැගීම පෙරට වඩා දෙගුණයකින් ඉහළ ගියේ මීටර් 1.55ක උස් මට්ටමක් සලකුණු කරමිනි. වර්ෂ 1880 සිට බලන විට එතරම් ඉහළ නැගීමක් සිදු වූයේ පළමු වරටය.

ශාන්ත ජෝන් ගංගාවට ඇති වූ බලපෑම් නිසා ෆ්ලොරීඩාවේ ජැක්සන්විල් ප්‍රදේශයට

කැලිෆෝනියාවේ, සැත්‍රමෙන්ත්‍රොහි කණින ලද රන් ආකර හේතුවෙන් වර්ෂ 1880 ගණන්වල අගභාගයේ දී උදම් රළ නිරීක්ෂණය නොවන තත්ත්වයක් ඇති විය. ලන්ඩන්, තේම්ස් නදියේ වසර සියගණනක් මුළුල්ලේ සිදු කළ ගැඹුරු කිරීම් හා පටු කිරීම් වැනි වෙනස්කම් හේතුවෙන් රෝමානු යුගයේ දී පැවැති උදම් රළ මට්ටම වන අඩි 6.6, වික්ටෝරියානු යුගයේ දී එය අඩි 26.2 දක්වා විශාල වශයෙන් ඉහළ නැගීමට බලපෑ බව පෙනී ගොස් තිබේ.

මෙවැනි වෙනස්කම් බලශක්ති උත්පාදනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ද ඇති වන බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. Marine Science සඟරාවේ අලුත්ම කලාපයට ලිපියක් සපයමින් ටෝකි සහ ඔහුගේ පර්‌යේෂණ කණ්ඩායම මේ ගැන සඳහන් කරයි. ෆන්ඩි බොක්ක පිහිටා ඇත්තේ නිව් බ්‍රන්ෂ්වින් හා කැනඩාවේ නොවා ස්කොටියා අතරය. උදම් රළ ප්‍රවාහයන්ගේ සිදුව ඇති බරපතළ වෙනස්කම් දිනපතා පාහේ මීටර් 11ක පමණ නැගීම් හා බැසීම්වලින් යුතුව රළ නගන තත්ත්වයක් ඇති කර තිබේ. විද්‍යාඥයෝ පවසන පරිදි එය මෙවැනි වෙනස්කම් සඳහා කැපීපෙනෙන නිදසුනකි.

‘‘ද්‍රෝණිය දිගේ ජලය ගලා බැසීමේ දී ඇති වන බලපෑම් උදම් රළ මත ඇති කරන බලපෑම අපට මේවායින් තේරුම් ගැනීමට පුළුවන්.’’වෙරළාශ්‍රිතව ජීවත් වන ජනයාට මෙවැනි වෙනස්කම්වල බලපෑම් නොයෙක් ආකාරවලින් දැනෙන බව පැහැදිලිය. එතරම් උස් නොවූ පාලමක් යටින් උස් නාවික යාත්‍රාවක් රැගෙන යෑමට අවශ්‍ය අයකුට තමන්ට අවශ්‍ය අවස්ථාවේ එයකළ නොහැකි වන්නේද මේ හේතුවෙනි. ගං ඉවුරු අසබඩ නිවසක් ඉදි කරන අයකුටද රළ නැගීම කොපමණ උස් මට්ටමකට සිදුවන්නේද යන්න ගැන සැලකිලිමත් වීමට සිදු වේ. මුහුදු රළ භාවිතා කරමින් බලශක්ති උත්පාදනය ගැන කටයුතු කරන ඉංජිනේරුවෝ ඒ සඳහා බලශක්ති පද්ධතියක් නිර්මාණය කරන්නේ ගලා යන ජල ප්‍රවාහයෙන් කොපමණ බලශක්ති උත්පාදනයක් කළ හැකිද යන්න පිළිබඳ සැලකිලිමත් වෙමිනි. වෙනස් වන රළ පිළිබඳ සිදු කරන අධ්‍යයන ඔස්සේ ලබාගෙන ඇති දත්ත එම නිරීක්ෂණ මෙන්ම නිගමන වෙනස්වන ලෝකයට සූදානම් වීම සඳහා මිනිසුන්ට ප්‍රයෝජනවත් වේ.

වඩාත් වැදගත් කාරණයක් නම් ඒවා ඇසුරින් අනාගත මුහුදු මට්ටම පිළිබඳ සැලකිලිමත් වෙමින් ඉංජිනේරුවන්ට සිය සැලැසුම් පිළියෙල කිරීමට ඉන් මඟපෙන්වීමක් සැපයීමයි. මෑතක දී දකුණු චීනයේ, පර්ලි ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනය ඒ ආශ්‍රිතව ජීවත් වන මිලියන 60ක් පමණ ජනතාවට වැදගත්ය. එක්සත් රාජධානියේ ලිවර්පුල්හි ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ සමුද්‍ර විද්‍යාඥවරියක වන මිෂෙලාඩ් මොමිනික්ස් හා ඇයගේ කණ්ඩායමට මුහුදු රළ ඉහළ නැගීම අනාගතයේ සිදු කළ හැකි වෙනස්කම් පිළිබඳ පුරෝකථන කළ හැකි සාධක ඉදිරිපත් කර ඇත. ඩෙල්ෆ් ආශ්‍රිත මුහුදු මට්ටම මීටර් 0.5ක් මීටර් 2.1ක් අතර ප්‍රතිශතයකින් ඉහළ නැගීම යනු උදම් රළ නැගීම මීටර් 0.1ක් 0.5ක් අතර ප්‍රමාණයකින් ඉහළ යෑම නිරීක්ෂණය කළ හැකි ත්ත්වයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවැනි සංඛ්‍යාමය දත්ත එක්ව ගත් විට සාගර ජල මට්ටම මීටර් 0.6ක් මීටර් 2.6ක් අතර ප්‍රමාණයකින් ඉහළ නැගීම අපේක්ෂා කළ හැකිය.

පර්ල් ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිත ගුවන්ෂු ෂෙෂෙන් වැනි නගර එලෙස ජල මට්ටම්වල ඉහළ නැගීමෙන් ලොව දරුණුම බලපෑම් ඇති විය හැකි ස්ථාන ලෙස පෙනීගොස් ඇතැයි විද්‍යාඥ ඩොමිනික්ස් පෙන්වා දේ. මෙම අනාවරණ ඔස්සේ සැලැසුම් ශිල්පීන්ට වඩා හොඳින් ආරක්ෂිත බාධක ඉදි කිරීම, වෙරළ තීර ආරක්ෂා කර ගැනීම වැනි පියවර ගැනීමට අවස්ථාව සැලැසී ඇත.

එලෙස වඩදිය සහ බාදිය පිළිබඳ දැක්වීම සඳහා පර්‌යේෂකයෝ පරිගණකය ඇසුරින් ආකෘති නිමවා තිබේ. ඒ ඇසුරින් වෙරළ තීර ජලයෙන් යට වීම පිළිබඳ මනාව පැහැදිලි කරගත හැකිය. දැනටමත් මෙවැනි වෙනස්කම් හේතුවෙන් සුළි කුණාටු වැනි තත්ත්වලදී ඇති වන බලපෑම් ගැන නිරීක්ෂණය වේ.

වර්ෂ 2016 දී ටෝකි හා ඔහුගේ කණ්ඩායම් කේප් ගියර් නදිය ආශ්‍රිතව මෙම බලපෑම් නිරීක්ෂණය කරමින් සුළි කුණාටුවකදී විය හැකි තත්ත්වය පැහැදිලි කළහ. දර්ශකයේ 5 වැනි පරිමාණය දක්වන සුළි කුණාටුවක දී වන හානි එහි දී අවබෝධ කර ගත හැකි විය. විල්චින්ස්ටන් හි ජල මට්ටම මීටර් 1.8කින් ඉහළ නිරීක්ෂණය විය.

වර්ෂ 2018 දී අංක 01 වර්ගීකරණයට අයත් සුළි කුණාටුවක දී වූ ෆ්ලොරන්ස් සුළි කුණාටුව අවස්ථාවේ විල්චින්ටන්හි උදම් රළ මට්ටම මීටර් 1.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය අනාගතය සඳහා සූදානම් වීමට රතු එළි දැල්වීමකි. හැම නවීකරණයක්ම අප ජීවත් වන ලෝකයට ඇති කරන බලපෑම් ගැන අවබෝධ කරගැනීමට පෙලඹවීමකි.

ටෝකි, එය එක් වාක්‍යයකින් දක්වන්නේ මෙලෙසිනි. ‘‘පුංචි පුංචි වෙනස්කම් රාශියක එකතුවක් කියන්නේ ඇත්තටම විශාල වෙනසක් සිදු කිරීමකි.’’

•ධම්මික සෙනෙවිරත්න

අරුණ පුවත්පත 

බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට අද (28) සිට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.

බැංකු මඟින් ලබා දෙන පෞද්ගලික රහස්‍ය තොරතුරු කිසිසේත්ම බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීමෙන් වළකින ලෙසත්, අන්තර්ජාලය ඔස්සේ ණය පහසුකම් ලබා දෙන බවට විවිධ වංචනික පුද්ගලයින් විසින් නිවේදනය කොට ඇති නිවේදන වලට නොරැවටී රජයේ නිල තොරතුරු රජයේ නිල වෙබ් අඩවි ඔස්සේ හෝ රජයේ නිල විද්‍යුත් තැපෑල මඟින් හෝ විමසීම් සිදු කොට පසුවිපරම් කිරීමෙන් පමණක් කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ (27) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේය.