Monday, 28 September 2020

ෆිනෑන්ස් කොම්පැනියක් නිසා අසරණ වුන තාත්තා වෙනුවෙන් පුංචි දුව තබන සංවේදී සටහන - "මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් කළ වීර ­ක්‍රියා"

Posted On Friday, 21 August 2020 03:35
"මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් කළ වීර ­ක්‍රියා"

සෙව්මිණි දිව්‍යාං­ජලී වන මා බප/ජය සේද­වත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබමි. මගේ තාත්තා 1996 අවු­රුද්දේ යුද හමු­දා­වට බැඳුණේ රූප­වා­හි­නියේ ත්‍රස්ත­වා­දීන් අහිං­සක මිනි­සුන්ව කපා මරා දම­නවා දැක­ලයි. තාත්තා හමු­දා­වට උස මදි නිසා කොළඹ හමුදා කඳ­වු­රෙන් තාත්තාව හරවා එවලා තිබුණා. ඊට පසු තාත්තා අනු­රා­ධ­පු­ර­යෙන් හමු­දා­වට බැඳු­ණාලු. මගේ තාත්තාගේ උස අඩි 4 අඟල් 10 යි. මාගේ තාත්තාගේ ක්‍රීඩා සහ­තික බලලා බඳවා ගත්තාලු.

මගේ තාත්තා තමයි ලංකාවේ සොල්දාදු පුහු­ණුව අව­සන් වෙලා යාප­න­යට ගිය උස අඩුම පුද්ග­ලයා. යාප­නයේ අවු­රු­ද්දක් විතර නිවාඩු නැතුව සේවය කරලා ගෙදර එන­විට තාත්තාගේ අම්මාට (මගේ ආච්චිට) තාත්තා ගැන බය­වෙලා පිස්සු හැදිලා අංගොඩ මාන­සික රෝහලේ නැවැ­ත්තුවා. ඒ වෙලාවේ හෙදි නැන්දා කෙනෙක් කියලා තියෙ­නවා අම්මාව හොඳ කරලා ගෙදර එක්ක යන්න හැබැයි තාත්තාට ගෙදර ඉන්න වෙනවා කියලා. ඉතිං තාත්තා නැවත යාප­න­යට ගිහින් නැහැ. නැවත තාත්තා ත්‍රීවිල් රස්සා­වම කළා.

දව­සක් කොළඹ කොටු‍වේදී තාත්තාගේ ත්‍රීවිල් එකට ඉස්ස­ර­හින් ගිය ත්‍රීවිල් එකට කකු­ලක් නැති හමුදා නිල­ධා­රි­යෙක් නව­ත්තලා හයර් එකක් යන්න කතා කරලා. ඒ රියැ­දුරා වැඩි මුද­ලක් ඉල්ලලා. ඒ හමුදා සෙබළා යන්න ඕනෙ නැහැ කියලා. ඊට­පස්සේ පිටු­ප­සින් සිටි මගේ තාත්තා සල්ලි ඕන නැහැ කියලා ඔහු රැගෙන ගිහින් බැස්සු­වාලු.

එදා තාත්තා ගෙදර ඇවිත් චිත්‍ර අඳින කෙන­කුට කියලා "ත්‍රිවිධ හමු­දාවේ හා පොලි­සියේ ආබා­ධිත රණ­වි­රු­වන් ප්‍රවා­හ­නය නොමිලේ" කියලා ලියවා ගත්තාලු. මගේ තාත්තා තමයි මුලින්ම ඒ දේ කළේ. මගේ තාත්තා ත්‍රීවිල් රස්සාව කරන්න පටන් අරන් අවු­රුදු 26ක් විතර වෙනවා. තවම මගේ තාත්තා පාරේ අන­තු­රක් දැකලා නැහැ. මගේ තාත්තා මිනි­සුන්ට හරිම ආද­රෙයි. මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­තුමා කුරිරු යුද්ධය අව­සන් කළ නිසා තාත්තා එතු­මාට සල­කන්නේ දෙවි කෙන­කුට වගේ. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් තාත්තා හීනෙන් දැකලා තියෙ­නවා මහින්ද මහ­ත්තයා පර­දි­නවා. මගේ තාත්තා මහින්ද මහ­ත්ත­යාව දින­වන්න හයර් යන මිනි­ස්සුන්ට යුද්ධය සිහි­කර කතා කරලා තියෙ­නවා.

2014.12.21 වෙනිදා උදේ මගේ තාත්තා දකුණු අතේ ඇඟි­ල්ලක් කපා බෞද්ධා­ලෝක මාවතේ රූප­වා­හිනි සංස්ථාව ඉදි­රි­පිට එල්ලුවා. මිනි­සුන්ට කුරිරු යුද්ධය සිහි­පත් කොට ජනා­ධි­පති මහින්ද මහ­ත්ත­යාට සුබ පැතු­වාලු.

මේ Covid 19 වයි­ර­සය ගැනත් තාත්තා සිහි­න­යක් දැකලා බෝධීන් වහන්සේ ළඟ පහ­නක් පත්තු කරලා තිබෙ­නවා. පසුදා තාත්තා අස­ල්වා­සීන් හැමෝම එකතු කර­ගෙන පහන් 200ක් විතර පත්තු කළා. ලංකාවේ කොරෝනා වයි­ර­සය වෙනු­වෙන් පළ­මුව පහ­නක් දැල්වූයේ මගේ තාත්තායි.

එහෙත් මගේ තාත්තා හීනෙන් දැක්කේ බෝධි­යක් ළඟ පහ­නක් පත්තු කර­නවා. නාවික හමු­දාවේ අය ලෙඩ වෙන­කොට ජය සිරිමා බෝධීන් වහන්සේ ළඟ පහ­නක් දල්වා නාවික හමු­දාවේ අයගේ ජීවිත රැක­දෙන්න කියා ඉල්ලන්න තාත්තාට හිතු­නාලු.

මගේ තාත්තා මැයි මාසයේ 11 වෙනිදා අස­ල්වාසී අයියා කෙනෙක්ගේ බයි­සි­ක­ල­යක් ඉල්ලා­ගෙන ඇඳි­රි­නී­තිය තියෙද්දී අනු­රා­ධ­පු­ර­යට ගියා. අපි බයෙන් හිටියේ තාත්තාට කර­ද­ර­යක් වෙයිද කියලා. තාත්තා මම දන්න කාලෙක බයි­සි­ක­ල­යක් පැදලා නැහැ. නමුත් තාත්තා ගෙද­රින් යන වෙලාවේ කිව්වා “චූටි දුව මනු­ස්සයො වෙනු­වෙන් හොඳ දෙයක් කරන විට බය­වෙන්න එපා කියලා.” මම දවස් 4 න් එනවා කිසිම කර­ද­ර­යක් නැතුව ගෙදර එනවා කියලා. ඒ වගේම 14 වෙනිදා හවස තාත්තා ගෙදර ආවා. දවස් 4 ක්ම මගේ තාත්තට කෑමට බත් නැහැ. තේ ටිකක් නෑ. බීම විත­රයි බීලා තියෙන්නේ.

රාත්‍රී කාලයේ ඉඳලා තියෙන්නේ පාළු තැන්වල. ඉතිං මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් හැම දුකක්ම විඳපු කෙනෙක්. සම­හර අය තාත්තාට බනි­නවා පිස්සු වැඩ කර­නවා කියලා. නමුත් මගේ තාත්තා මට වීර­යෙක්.

අද මගේ තාත්තා ගොඩක් අස­රණ වී සිටින්නේ. මගේ තාත්තාගේ ත්‍රීවිල් එක මාර්තු මාසයේ ෆිනෑන්ස් එකෙන් අරන් ගිහින් තාත්තාට දැන් රස්සා­ව­කු­ත්නැහැ. අපිට දැන් ජීව­ත්වී­මට අමා­රුයි. මගේ තාත්තාට උද­ව්වක් කරන්න කියලා මම ඉල්ලා සිටි­නවා.

සෙව්මිණි දිව්‍යාං­ජලී

බප/ජය සේද­වත්ත සිද්ධාර්ථ

මධ්‍ය මහා විද්‍යා­ලය

දිනමිණ