චීන දුත කන්ඩායමක් දිවයිනට පමිනෙන පුවත හෙතුවෙන් ඊයෙ පාර්ලිමෙන්තුවද උනුසුම් විය. කෙසේ වෙතත් එමදුත කන්ඩායම අද ජනාධිපති සහ අගමැති තුමා හමු වී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙ.චීනයෙ ඉහල පෙළේ දේශපාලනඥයකු වන යැං ජිචී මහතා හිටපු චීන විදෙශ ඇමතිවරයෙකි.චීන කොමියුනිස්ට් පක්ශයේ මහ ලේඛම් හා ජීන ජනපති ෂි ජින් පින්ග් යටතේ ජිචී මහතා පක්ශයේ මධ්‍යම විදෙශ කටයුතු කොමිසමෙ දෙශපාලන මන්ඩල සාමාජිකයෙකු හා අධ්‍යක්ෂ වරයෙකු ලෙස සෙවය කර ඇත .ජනපති ගෝථාභය රාජපක්ෂමහතා සමග පැවති සාකච්ඡාවදී ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය කිරීම වඩාත් ශක්තිමත් කිරීම චීන ජනපති ෂි ජින් පින්ග් මහතාගේ අපේක්ශාව බව පවසා ඇත.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු සියලු ජාත්‍යන්තර ක්‍රියාකාරකම් වලදී චීනය ශ්‍රී ලංකාව සහ එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බව සිකුරාදා (09) ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.චීනය හැමවිටම සංවර්ධන ක්‍රියාවලියේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට දිගටම සහාය ලබා දෙන බවට සහතික විය.
සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට විෂබිජාණුහරණය කරන ලද බස්රථ ලබා දීම සදහා වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
විභාග සඳහා සහභාගී වන දරුවන්ට විශේෂිත දුම්රිය මැදිරි එක් කිරීමේ වැඩපිළිවෙලක්- දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා මගහැර ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්
කොවිඩ් තත්ත්වය හමුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයින්ගේ පැමිණීම ඔක්:8 සිට 10 දක්වා තාවකාලිකව අත්හිටුවයි.
පාසල් යදුම්කරුවන් 314855 හා පුද්ගලික අයදුම්කරුවන් 43339 ලෙස සටහන වෙන මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම ස්ථිර බව රජය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ළමුන්ගේ ගමනාගමනය ගැන සම්පුර්ණ වැඩපිළිවෙලක් සකසා ඇති බවත් සුරක්ෂිතව විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමත් නැවත නිවෙස් වෙත රැගෙන යාමත් ගැන ලංකා ගමනාගමන මණ්ඩලය හා සාකච්ජා කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී .එල් පීරිස් මහතා කියා සිටියා. රජයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුර අදහස් දක්වමින් යුධ හමුදාපති තුමා කියා සිටියේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ මුලාශ්‍රය පිලිබඳ තවමත් සොයාගෙන නැති අතර දින හතරක් තුල අසාධිතයින් දහස ඉක්මවා යාම තරමක විශාල වැඩි වීමක් වුවද පසුගිය දින දෙකෙහි ලබාගත් සාම්පල පරීක්ෂාවෙන් මෙම අසාධිතයින් සොයාගත් බවයි.
මිනුවන්ගොඩ රෙදි කර්මාන්ත ශාලාවේ තිබෙන සෞඛ්‍ය අංශය 21 වෙනිදා සිට උන කැස්ස ඇති සේවකයින්ගැන අවධානය යොමු කර තිබු බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. නමුත් එය PCR පරීක්ෂණ කරන මට්ටම දක්වා ගොස් නොතිබීම තත්වය බැරෑරුම් වීමට හේතු වූ බව ද කියා සිටියා.