
Editor
සාකච්ඡා සාර්ථකයි- දීපව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි- ලිසිං ගැටළු වලට විසඳුම්
හුදකලා කර තිබූ ප්‍රදේශ රැසක් හෙට හුදකලා තත්ත්වයෙන් ඉවතට
හුදකලා කර තිබූ ප්‍රදේශ රැසක් හෙට හුදකලා තත්ත්වයෙන් ඉවතට
අඩු ආදයම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් බෑග්
ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදිය හැකි අවම වයස සංශෝධනය පිළිබද නියෝගය පාර්ලිමේන්තුවට
වතු සමාගම්වලට එරෙහිව වතුකරයේ හර්තාලයක් කැදවයි, සියළු කඩ වසා දමන්නැයි දන්වයි, සංවිධානය ඇමති තොණ්ඩමාන්
අභිමානවත් නිදහස් උත්සවයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම්
ඉවතලන කෙසෙල් බඩ, අලිමාන ශාක භාවිතයෙන් පරිසර හිතකාමි නිෂ්පාදන ඇරඹීමට සැලසුම්
කොවිෂීල්ඩ් එන්නත් මාත්රා ලක්ෂ 40 ක් ශ්‍රී ලංකාවට
වෛද්‍යවරු 100කට කොරෝනා,වෛද්ය ගයාන්ගේ මරණයෙන් පසු සෞඛ්ය අංශ තිගැස්මෙන්
කොරෝනා ආසාදනය වීමෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත් වීමත් සමග සෞඛ්‍ය වෘත්තිකයින් තිගැස්මකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, දෙවන කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 දෙනෙකුට පමණ කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය.
මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1000ක් පමණ මේ වන විට කොරෝනාවෛරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රීතයින් සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය වෘත්තිකයින් කොරෝනාවෛරසයට ගොදුරුවීම තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල කඩා වැටීමකට ලක්විය හැකි බව ද හරිත අලුත්ගේ මහතා පැවසීය.
සෞඛ්‍ය වෘත්තිකයින්ට විස්වාසයෙන් යුතුව රාජකාරී කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක් බව ද ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ද පැවසීය.
”අපි ඇත්ත කතා කරනකොට, ජනතාව බිය කරන බිල්ලො මවනවා කියන චෝදනාව අපට තියෙනවා. අපි ඒ චෝදනාවට බයේ ඉන්නේ නෑ. යථාර්ථය රටට හෙළි කරනවා. ගායන්ගේ වගේ මරණ ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.”