Editor

Editor

කොරෝනා වෛරස සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ශ්රී ලංකාවට ලබාදීමට නියමිතය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අතට මෙම එන්නත සංකේතාත්මකව ලබා දෙනු ඇතැයි වාර්තා වෙයි.
කොරෝනා වෛරසය සදහා ලෝක සෞඛ්ය සංවිධානය ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්රී ලංකාවට මාත්රා ලක්ෂ විස්සක් ලබාදීමට නියමිතය.
මෙය ලබා දීම සිදු කිරීමට නියමිතව ඇත්තේ එය සංකේතාත්මකව බාර දීමයි.
ඉන් අනතුරුව නියම කරන දිනයක දී එම වැඩපිළිවෙලට අනුව එන්නත් ලබා දීමට නියමිතව ඇත.
උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
අද (22) උදෑසන මාධ්ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,
“අපි මේ අවස්ථාවේ දී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතියක් පනවන්න හෝ අපි දැනට පනවපු නැති ප්රදේශවල අත්යාවශ්යතාවයක් හැරුණු කොට හුදකලා කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් එක්කම සංචරණ සීමා පැනවීමට අවශ්ය නෑ. නීති පැනවීමට අවශ්ය නෑ. රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. විශේෂයෙන් මේ ගැන අධ්යයන කරලා අධ්යක්ෂ ජනරාල් වෛද්ය සහ සෞඛ්ය කේෂ්ත්රයෙන් ගත යුතු ක්රියාමාර්ග ඉදිරියේ දී ගනී. ජනාධිපතිවරයාගේ උපදෙස් මත. මේ වෙලාවේ දී සංචරණ සීමාවක් පැනවීමට අවශ්යතාවයක් නෑ. ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට අවශ්ය වුවහොත් එය සිදුකිරීමට කටයුතු කරනු ලබනවා.“

ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීම පිළිබඳ දැන්වීම

හුදකලා ප්‍රදේශ නම් කිරීම සහ ඉවත් කිරීම පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම- 20-12-2020

දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක්

ඉඩම් හා මුල්‍ය ආරවුල් විසදීමට සෑම දිස්ත්‍රික්කයකටම එක් සමථ මණ්ඩලයක් බැගින් පිහිටුවීමට පියවර

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු කෞතුකාගාර දෙසැම්බර් මස 20 දින සිට නැවත විවෘත කෙරේ


ගොවිතැන ගැන කෙරෙන පර්යේෂණ අනුව අනාගතයේ ගොවියා උදැල්ලක් හෝ නගුලක් ගෙන මහපොළව හා ගැටෙන්නේ නැත. හෙතෙම සිය පරිගණකය සමග කාමරයකට වී පහසුවෙන් සිටින්නට ඉඩ තිබේ. යන්ත‍්‍රානුසාරයෙන් ක‍්‍රියාත්මක වන ගොවිපොළවලින් එළවළු, පළතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. වේගයෙන් වර්ධනය වන ජනගහනයට ප‍්‍රමාණවත් වන ආහාර නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය බව පැහැදිලිය. සම්ප‍්‍රදායික ගොවිතැන හෝ වගා ක‍්‍රම අභිබවා යන පද්ධතියක් නිර්මාණය විය යුතුය. ගොවිපොළට රොබෝ ආක‍්‍රමණයක් සිදුවනු ඇත. එය සිහිනයක් නොවේ. පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ගොවිබිමට ගැලපෙන රොබෝවරු නිපදවා තිබේ. මහාචාර්ය සාලා සුක්රියා මෙම කණ්ඩායමේ ප‍්‍රධානී වශයෙන් ක‍්‍රියා කරන අතර හෙතෙම ජර්මනියේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක දී සියලු අනාවරණ එළිදක්වන්නට සූදානම් කර තිබුණි. ලෝකයේ සීමා මායිම් බිඳ දමන අදහස් යනුවෙන් මෙම ජාත්‍යන්තර සැසිවාරය නම් කර තිබීම විශේෂත්වයකි.

C36C9114 5052 42BF A832 6C6BF01B5FDA

වසර 2050 වනවිට ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවනු ඇත. මෙකී ජනකොටසට ආහාර නිපදවීම පහසු නැත. ආහාර හිඟය ඉදිරියේ විශාල ගැටලු පැන නැගෙන්නට ඉඩ ඇත. දුප්පත්කම ඉහළ යන අතර දැන් පවතින වගා ක‍්‍රම හා නිෂ්පාදනය වැඩි දියුණු කරන පියවර වෙනස් මාර්ගයකට අවතීර්ණ නොවුණහොත් අර්බුදයක් ඇති වෙයි. මිනිස් ශ‍්‍රමයෙන් පමණක් ගොවිතැන් කිරීම පහසු නැත. යාන්ත‍්‍රික මෙවලම් අවශ්‍යය. මෙම යන්ත‍්‍ර හසුරුවන්නට සමත් ශ‍්‍රමිකයන් හිඟය. මිනිස් ශ‍්‍රමයට ගෙවීමට සිදුවන වියදමද සලකා බැලිය යුතු පැත්තකි. ඉහළ වැටුප් හා පහසුකම් සහිතව ගොවිපොළවල සේවය කරන ශ‍්‍රමිකයන් නිපදවන දේ වලට වැඩිපුර පිරිවැයක් දරන්නට සිදුවෙයි. අධික මිලකට එම නිෂ්පාදන විකුණන්ට සිදුවෙයි. ජනගහනය වැඩිවන අතරතුර මිල දී ගැනීමට ධනය නැති පිරිසට එයින් පිළිතුරක් ලැබෙන්නේ නැත. වැටුප් හෝ බෝනස් ගෙවන්නේ නැති එහෙත් සතියේ දින හතක් පැය විසි හතරම වැඩ කරන රොබෝවරැ හොඳම විසඳුමකි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සාධාරණ අවස්ථා සහිත සමාජයක් වෙනුවෙන් ගොවිපොළට එවන රොබෝවරු ගැන පර්යේෂණ මාලාවක් පවත්වමින් සිටී.

අලුතින් නිර්මාණය කර ඇති රොබෝවරු ගොවිපොළ හා සත්ව පාලන කටයුතු සම්බන්ධ මෙහෙයැවිය හැකිය. කෙත් වතු සකස් කර අස්වද්දන යන්ත‍්‍ර නිපදවා තිබේ. නියමිත පරිදි ඇට හෝ පැළ සිටුවිය හැකිය. නඩත්තුව විශේෂ කාර්යයකි. එයට ගැලපෙන රොබෝ යන්ත‍්‍ර පෙළකි. ඒවායේ සන්නිවේදක තිබේ. කැමරා පද්ධති සවිකර ඇත. වල් පැළ හඳුනාගෙන ඒවා ගලවා ඉවත් කරන්නට එකී රොබෝවරු සමත්ය. අනෙක පස බුරුල් කර පොහොර යොදන්නට ද හැසිරවිය හැකිය. අස්වනු නෙලන කාලයේදී විශේෂ රොබෝවරු සිටී. පැසුණු ගෙඩි හා කරල් තෝරා වෙන්කර නෙලාගැනීමට තරමට බුද්ධිමත්ය. සත්ව පාලනය සඳහා නිපදවා ඇති රොබෝවරු සතුන්ට ආහාරදීම, රැකබලා ගැනීමට දක්ෂය. සතුන් හැසිරෙන අන්දම හා අනෙකුත් ගොවිපොළ කටයුතු ස්වයංක‍්‍රීයව හාම්පුතුන්ට තොරතුරු සන්නිවේදනය කරති. දිවා රාත‍්‍රී නොතකා සේවය කරන හෙයින් විශාල වාසියකි. අනෙක ගොවිපොළ හා සත්ව පාලන කටයුතු වලට නිපදවා ඇති රොබෝවරු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි. අස්වද්දන, පැල සිටුවන, අස්වනු නෙළන සහ ඒවා ප‍්‍රවාහනය කරන රොබෝ යන්ත‍්‍රවල වහළයෙහි සෝලා පැනල් සවිකර තිබේ. 

පරිගණක තාක්ෂණය මගින් දත්ත සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් කර තිබේ. බිග් ඩේටා අනුව සියල්ල විනිශ්චය කළ හැකි වී තිබේ. රොබෝවරැ අවතීර්ණවීම අනෙක් පියවරකි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර් යේෂණ කණ්ඩායම වානිජ වශයෙන් ගොවිපොළ රොබෝවරු නිපදවන්නට තීරණය කර ඇති අතර වසර දෙකකට පමණ කලින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ සාර්ථකවීමක් සේ දැක්වෙයි. අනෙක පාසල් මට්ටමේ සිට ඉගෙනගන්නා දරුවන්ට තාක්ෂණය හා රොබෝවරුන්ගේන් වැඩගන්නා අන්දම ඉගැන්විය යුතු බවද මහාචාර්ය සාලා සුක්රියා අවධාරණය කරයි.

ඕස්ට්‍රේලියාවෙන් එන වාර්තා එක පැත්තක් පමණකි. ලෝකයේ අනෙක් රටවල්ද විවිධ පර්යේෂණ ආරම්භ කර ඇත. චීනය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුම් ක්‍රියාවට නගා ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරන ගොවිතැන් කිරීම ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි. ක්ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ පරිදි චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයේ රියැදුරු රහිත ට‍්‍රැක්ටර් ගොවිපොළ සී සෑම කරගෙන යයි. සපයන ලද විධාන අනුව පරිගණකයේ දත්ත කියැවිය හැකි ස්වයං ක‍්‍රියාකාරී ට‍්‍රැක්ටරය නියමිත තීරැවේ ධාවනය කරමින් පොළව පෙරළන අතර එයින් පසු ධාන්‍ය වැපිරීමද සිදුකරයි.  

මහ පොළවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘත්‍රිම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය කාලයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමුකර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගා කරන ක‍්‍රමවේදය වෙනස්කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙළීම එවා ගබඩා කරා යොමු කිරීමද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත.  

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ගොවිපොළක රොබෝ ශ‍්‍රමිකයන් යොදවන්නේ 2018 වසරේදීය. එම රොබෝ පද්ධතිය සාමාන්‍ය ශ‍්‍රමිකයන්ට සාපේක්ෂව තිස් ගුණයකින් දක්ෂතාව පෙන්වා තිබේ. රෙබෝවරුන්ට ඉල්ලුම වැඩි වී ඇති අතර 2016 වසරට වඩා ගොවිපොළ ස්වයංක්‍රීයකරණ මෙවලම් වෙනුවෙන් කරන ආයෝජනය අද වනවිට සියයට 29 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි. මේවායෙන් පෙන්වන්නේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇතිකරන අලුත් වෙනස්කම්ය. නිෂ්පාදන පිරිවැය අඩ ඉටුකරන්නට ඒවා බලපාන අන්දමය. ගොවිපොළ අයිතිකරු කෙතට බැස වැඩකරනු වෙනුවට මෙහෙයවන්නෙකු බවට පත්වන ආකාරය බව පෙන්වා දිය යුතුය. සිදුවන වෙනස්කම් අනුව අලුතින් හිතන්නට නැඹුරැ නොවෙන කෘෂිකර්මයට ගැටලු මතුවෙන්නට ඉඩ තිබේ. ලෝකයේ වෙනත් තැන්වල ඉතා අඩු මිලට නිපදවන විට තාක්ෂණය භාවිතා නොවන ගොවිබිමක නිපදවන දේ වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුවිය හැකිය. අවසානයේදී එයට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයන්ය. 

උපුටා ගැනීම -දේශය පුවත්පත  - මිලින්ද මොරගොඩ මහතාගේ "යුගානුවර්තනය"  

 

පරිපූරක උත්සව උත්සව ණය පහසුකම් යෝජනා ක්‍රමය අරඹයි

රැකියා ලබා දෙන බවට ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩවලට නොරැවටෙන්න