ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්
නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික ළමා අරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 8වන සභාපති ලෙසය.
මාධ්‍ය නිවේදනය- අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය කිරිම
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.
විදෙස්ගතවන ලාංකිකයන් වෙනුවෙන් ''ලේඛන සත්‍යාපනය'' වැඩසටහන අද ඇරඹේ
විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තම ප්‍රදේශයේ සිට සිදුකරගැනීමට හැකිවන''ලේඛන සත්‍යාපනය'' වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (05) පෙ.ව. 10.00. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වෙයි.
පළමු පාසල් වාරය හෙට අවසන්
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයි.
ගල්ලට විශේෂ ළමා රෝග ඒකකයක්
ගාල්ල කරපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ. සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ප.ව. 3.00ට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.