වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්ව යෙන් අද (2) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප.ව.6.00ට පැවැත්වීමට නියමිතය.
සා/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
අ.පො.ස. (සා/පෙළ) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස අයදුම්කරුවන් නිවැරදි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.
පළාත් කිහිපයකට අද සවසට වැසි
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යමසහඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ
මෙවර අ.පො.ස. (සා.පෙළ) 2017 විභාග ප්‍රතිඵල අද (28) පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.
අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය
දිනෙන් දින වැඩිවෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.