ඉන්ධන මිල තවත් පහළට
ඉන්ධන මිල තවත් පහළ දැමෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය.
වායුගෝගයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බවසයි.
ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරා පා ගමනක්...
දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.
අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් 23 ඇරඹේ
2018 - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර ඇගයීම් කටයුතු 2018.12.23 දින සිට 2019.01.01 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.
නව පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් තුළ ඩෙංගු මර්දන වැඩසටහන්
පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.