2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් නැවත විවෘත කිරීම ජනවාරි 18
2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26 න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වියළි කාලගුණ තත්ත්වයක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල ඇතිවිය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවකට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.
ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය නව වසරේ නව පරිශ්රයකට පිවිසෙයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ පස්වැනි මහලේ ස්ථාපනය කර තිබූ ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය එළඹුණු නව වසරේ සිට වඩාත් පුළුල් පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා (01) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන ලද කොමාණ්ඩර් (අවි) දිනේෂ් බණ්ඩාර මහතා නව පත්වීම් ලැබ මාරුවී යාම හේතුවෙන්, ජනවාරි 01 දින සිට නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත් කොට ඇත.