කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය පිළිබද තොරතුරු දෙන්න කාර්යාල පිහිටුවීමට දන්වයි
කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති පිළිබද මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සදහා තොරතුරු කාර්යාල වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා අදාළ ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දුන්නේය.
අර්තාපල් ගොවීන්ට සහන ක්‍රමයට අර්තාපල් බීජ
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා රජයේ ගොවිපලවල නිෂ්පාධිත අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දෙනු ලැබීය.
ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වූ දළඹූවා “සේනා “ වර්ගය නොවේ- දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ
ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත් නොවන බවත් එම විශේෂය “ඩයෆනියා කසෝලිස් “(Diaphania Caesolis) වර්ගයට අයත් බවත් දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කර සිටියාය.
දිස්ත්‍රික්ක කීපයකට වැසි-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
‘කොළඹ නාවික අභ්‍යාසය’ ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව ඇත.