අප්‍රේල් මස සිට පොල් වගාකරුවන් දැනුවත් කරයි
පොල් වගා කරුවන්ගේ තාක්ෂණික දැනුම ,වතු පාලනය, කම්කරු නීති හා අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක් අප්‍රේල් මස සිට සෑම මසකම එක් දිනය බැගින් පැවැත්වීමට ලුනුවිල පොල් පර්යේෂණායතනය සැලසුම් කර ඇත.
පුද්ගලයන් හය (6) දෙනෙකුගෙන් එක් අයෙක් ආඝාතයට ලක් වීමේ අවධානමක්
ශ්‍රී ලංකාවේ මේවන විට ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් දහසකගෙන් නව දෙනෙක් මෙම රෝගයට මුහුණ පා සිටින බව වෛද්‍යවරු පවසති.
පළමු ශ්‍රේණියේ සිසුන්ට නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ කිසිදු ප්‍රමාදයක් නෑ - අධ්‍යාපන අමාත්‍යාංශය
දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙළ පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම 21 දා කළුතරින් ඇරඹෙයි
නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
වගාවට හානි කරන කෘමි සතුන් බත් පිඟානට එන දවසක්
ඇමරිකානු වානිජ පර්යේෂණ ආයතනයකින් නිකුත් කළ නවතම වාර්තාවක් ලෝක අවධානයට ලක් ව තිබේ. වර්තමානයේ ජුගුප්සාජනක බොහෝ කෘමි සතුන් අනාගතයේ දී රසවත් ආහාර වශයෙන් ගැනේ. වගාවට හානිකරන කෘමීන් සේ සලකා විනාශ කරන්නට රසායනික යොදවන නමුත් ඉතාම නුදුරු කාලයේ එම කෘමීන් බත් පිගානට බොවන්නට නැඹුරු වනු ඇත. එය වැලැක්විය නොහැකිය.