ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29 සහ 30 දින වල බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පුත්තලම සිටකොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට පත් වූ කාන්තාවන් 60 ක පිරිසක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත (22) උදෑසන 6.15ට යළි දිවයිනට පැමිණි බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කොළඹ නගරයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සහ ජනතාවගේ අගනා කාලය ඉතිරිකරමින් මානසික අසහනයකින් තොරව රාජකාරී කටයුතු ආරම්භකිරීමට ඉඩ පහසුකම් සළසමින් රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද (22) උදෑසන කොළඹදී ආරම්භ කළේ ය.