නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ජනාධිපතිවරණයෙහි තැපැල් ඡුන්ද පත‍්‍රිකා දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල හරහා තැපැල් කාර්යාල වෙත බෙදා හැරීම අද (18) ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැලසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මාසයේ ගතවූ දින 17 ක කාලය ඇතුළත දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 3828 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සැප්තැම්බර් මස 10 දින සිට ඔක්තෝබර් 10 දින දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ පමණක් හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 4322ක්  සිටින  බව පොලීසිය පවසයි.

ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද  එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව කීය.