නොවැම්බර් 07 සිට මැතිවරණ සජිවි විකාශයන් නතර කරන්න
ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.
ජනාධිපතිවරණය නිරික්ෂණයට විදෙස් නිරික්ෂකයින්
ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා විදේශිය නිරික්ෂකයින් 100කට වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ජාතික මැතිවරණ කොම්සන් සභාව පවසයි.
ජනාධිපති අපේක්ෂකයින්ගේ කතා හෙට (15) සිට ගුවන්විදුලියෙන් සහ ජාතික රූපවාහිනියෙන්
මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් විසින් සිය ප්‍රතිපත්ති විස්තර කරමින් සිදු කෙරෙන කතා හෙට (15) සිට ප්‍රචාරය කිරීමට ජාතික රුපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත.
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිට
ජනාධිපතිවරණ ඡන්දයට පිළිගත් හැඳුනුම්පතක් නොමැති අය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල මඟින් ඔක්තෝබර් 18 දා සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.