Friday, 09 May 2025
Editor

Editor

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. එම දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ “ශ්‍රී ලංකාවේ  තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්” පිළිබඳ සමුළුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වේ.
 

මසුන් මැරීම සඳහා ඩයිනමයිට් ඇතුලු වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම වැඩි වී ඇති බවත්, එමනිසා එවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මත්ස්‍ය සම්පත විනාශ කරන ධීවරයින් අත් අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හා පොලිස් නිලධාරින්ට උපදෙස් දී ඇත.
 

2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ඇතුළත් කළ යුතු තම යෝජනා ඉදිරිපත් කරන්නැයි ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන් හට අදාළ සියලු පාර්ශවකරුවන්ගෙන් රජය ඉල්ලා සිටියි.
 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත දැනට මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරන පී.එස්.එම්. චාල්ස් මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.
 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළුතර, රත්නපුරය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනට නායයාමේ අනතුරු හඟවා ඇත.
 

ලංකාවේ පළමුවරට IVF ප්‍රතිකාර කාසල් වීදීයේ කාන්තා රෝහලෙහි ඇති කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු ව ඇතැයි ද ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇතැයි ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රියංගනී සේනාධීර මහත්මිය පැවසුවාය.
 

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (26) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන ලෙස, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින්විට හමන තදසුළං බලාපොරොත්තුවන අතර උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින්විට හමන තරමක් තදසුළං අපේක්ෂා කළ බව සඳහන් කර ඇත.

මෙක්සිකෝවේ පුවේබ්ලා ප්‍රාන්තයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව, දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව ඉතා කම්පාවට පත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.
 

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (26) සහ හෙට (27) යන දිනවල දී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.