Saturday, 18 May 2024
Editor

Editor

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරින් ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කර ජනතවට අවශ්‍ය සේවය ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.
 

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ බොහෝ පළාත්වල වියලි කාලගුණ තත්ත්වයන් සහ තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් (විශේෂයෙන් උතුර ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල) අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.

පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
 

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉදිරිදා යන දෙදින තුළ සියලු ම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.