Tuesday, 07 May 2024
Editor

Editor

රුපියල අව ප්‍රමාණය වීම ගැන මේ රටේ ජනතාවට බොරු රූපයක් මවා පෙන්වීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.

ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනය අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබේ.

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

ජල හිඟය නිසා තම වගාවන් කරගත නොහැකිව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ඇරඹීමට තීරණය කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 සැප්තැම්බර් 26 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝකන්දර පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීමක් සිදු කර තිබේ.

2018-09-26 දින සිට 2018-10-02 දින දක්වා දිවයින පුරා ක්‍රියාවට නැංවෙන ජාතික මදුරු මර්දන සතියට සමගාමී ව ඩෙංගු රෝග අවදානමින් දරුවන් රැකගැනීම වෙනුවෙන් පාසල් මට්ටමින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙඳ හෙඳියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.
 

පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට යෝජනා වෙයි.