සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇත.
රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ඉඩම විශාල කුලියක් ගෙවමින් පවත්වාගෙන යාම වංචාවක් සහ අත්තනෝමතික ක්‍රියාවක් බව කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ආණුඩුක්රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50 ක පෝෂණ ගුණය මැන බලා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දි සංචාරකයන්ට සිදුවන අක්‍රමිකතා හා අකටයුතුකම් නතර කිරීමේ අරමුණින් සංචාරක කුළි රථ සේවාව විධිමත් කෙරේ.