හෙට, 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය nනැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.
සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන 2020 මැයි මස 24 වන ඉරුදින සහ 25 වන සඳුදා දිනයන්හි දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරා බදු දෙපර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.
කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.
කොරෝනා කාලසීමාව තුළ දී විදුලිය භාවිතා කළ විදුලි පාරිභෝගිකයින් වෙත ලැබි ඇති විදුලි බිල්පත් ගෙවීමේ දී ඔවුන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් සිදු නොකිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.