ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්තති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොවිඩ් - 19 හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත් සමඟ සමග එහි වාසිය ජනතාවට ලබා දිමේ අරමුණින් මෙය සිදු කළ බව ඇමතිවරයා කිය.
රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් ලෙස Flexible Hour හඳුන්වා දීමේ යෝජිත නිර්දේශය සහිත වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට බාර දීම් ලබන සතියේ දී සිදු කිරිමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක (15,000) පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා
පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.