Friday, 03 May 2024
Editor

Editor

2019 ලෝක දියවැඩියා දිනයට සමගාමීව රියදුරුන් අතර සිටින දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් හඳුනාගැනීමත් සහ ඔවුන්ගේ අක්‍ෂි සංකූලතා හඳුනා ගැනීමත් 2019.12.08 වන ඉරිදා පෙ.ව. 07.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වසා තැබීමට නියමිත බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනුයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇති වූ ජල ගැලීම් හ නාය යෑම් හේතුවෙන් මේ වනවිට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5415 ක් බවයි.

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය අද (2) දිවයිනේ සියලු ම විභාග මධ්‍යස්ථානවල දී ආරම්භ වෙයි.

අ.පො.ස. සා.පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්තුමා පවසයි.

අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියේය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

අද (29) උදෑසන  සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්වීමට නියමිතය.