ශ්‍රී ලංකා ටෙලිකොම් හි භාණ්ඩාගාර ලේකම්වරයා සතු කොටස් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගැනීම වළක්වන නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (15) ප්‍රතික්ෂේප කර ඇත.
භාණ්ඩාගාර ලේකම්වරයා සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන්ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය ඇතුළු පෙත්සම්කරුවන් දෙදෙනෙක් මෙම පෙත්සම් ගොනුකළහ. රජයට අයත් ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් එම තීරණය ක්‍රියාත්මක කරන බව පැවසෙන බවපෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.
පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු 2017 වසරේ සාපරාධී බිය ගැන්වීමේ වරදක් සිදු කළ බවට හිටපු පොලිස්පති පූජිත්ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වැඩිදුර විභාගය සඳහා දින නියමකර තිබේ.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදී පොලිස් මූලස්ථානයේ පිළිගැනීමේනිලධාරිනියක ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදී ඇත.
2017 අප්‍රේල් 11 වැනි දින එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී කරපටියෙන් අල්ලාසෝපානයේදී ඔහුට පහර දීමට තැත් කළ බව පවසමින් පොලිස් මූලස්ථානයේ සෝපාන අංක එකේ ක්‍රියාකරු එවකට වැඩබලනපොලිස්පතිවරයාට එරෙහිව 2019 ජුනි 2 වැනිදා පැමිණිල්ලක් තිබිණි.
ජාතික ගීය ගායනා කරන විට සහ භාවනා වැඩසටහන් පැවැත්වෙන විට විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙසට හිටපුපොලිස්පති ජයසුන්දර උපදෙස් ලබාදී තිබූ බව සාක්ෂිකරුවන් පිළිගත්තේය. වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 23 දිනටනියම කෙරේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්
ජෙරෝම් දේවගැතිවරයා ගොනු කළ රි
වෙනත් ආගම්වලට අපහාස කිරීම සහ ද
ආන්දෝලනාත්මක ඉරිදා දේශනාව සම්
මේ අතර, මැදිහත්කාර පෙත්සම්කරු
මෙම පෙත්සම ජූනි 21 වැනිදා යළි
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ නීතියේ ආධිපත්‍යය සහ සම මට්ටමේ ක්‍රීඩා පිටියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඊයේ (15) ප්‍රකාශ කළේය.
මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සභාපති කෞෂල්‍ය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් BASL ආයතනයේ නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකා නීතීඥ සංගමය පරිශ්‍රයේ පැවති හමුවකදීය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සඳහා වූ අමාත්‍ය කමිටුවට සහාය දැක්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ පළමු සාකච්ඡාවේදී ඕනෑම රටක් සංවර්ධනය කිරීමේදී මානව සම්පත් සතු තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පැරිසියේදී ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුම සඳහා වන අන්තර්ජාතික නායක සමුළුවේ ඉහළ පෙළේ විද්වත් සාකච්ඡාවක් ඇමතීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ.
කොළඹ යුධ හමුදා රෝහලේදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ඉවත් කරන ලදී. මෙම සැත්කම ගිනස් වාර්තා පොතට ඇතුළත් වී ඇත.
කොළඹ යුධ හමුදා රෝහලේ අංශ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්, කපිතාන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී. පතිරත්න සහ ආචාර්ය තමෂා ප්‍රේමතිලක සමඟ එක්ව ශල්‍යකර්මයේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.
ඉවත් කරන ලද ගලෙහි දිග සෙන්ටිමීටර 13.372 ක් වන අතර බර ග්‍රෑම් 801 කි. දැනට පවතින ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ විශාලතම වකුගඩු ගල (2004 දී ඉන්දියාව) සෙන්ටිමීටර 13 ක් වන අතර, (2008 දී පකිස්ථානය) සොයාගත් බරම වකුගඩු ගල් (2008 දී පකිස්ථානය) බර ග්‍රෑම් 620 කි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.
කිලිනොච්චියේ පැවති රැස්වීමකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකි.
මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අතර උණුසුම් බහින් බස්වීමක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝවක් පෙන්නුම් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියෙන් වාර්තාවක් ඉල්ලා ඇත.