Tuesday, 21 May 2024

තමා හට තනතුරු තානාන්තර ලොකු නැති බවත් ඊට වඩා මාතෘ භූමිය, තමා වෙත ලබාදී ඇති අමාත්‍යංශය සහ මිහිතලය තමාට ලොකු බවත් මිහිතලය රැකගැනීම සදහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Posted On Tuesday, 01 September 2020 14:55

බිනර පුර පසළොස්වක පෝය අදට ( සැප්තැම්බර් 01 ) යෙදී තිබේ.

Posted On Tuesday, 01 September 2020 14:29

ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට  හැකිවනු ඇතැයි, පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් පෙන්වාදී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික බටහිර වෙළෙඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අලුත් ලෝකයේ නව තාක්ෂණය සහිතව නවීකරණය වූ අපනයන ක්‍රමයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Posted On Monday, 31 August 2020 06:50 Written by

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Posted On Monday, 31 August 2020 05:46

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද( 31 දින ) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 31 August 2020 05:36