Saturday, 18 May 2024
අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙරට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට මෙරට ආරක්ෂක හා බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරටය පුවත් සේවයක් වාර්තාකර තිබේ .
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්රහාරයට සම්බන්ධ කණ්ඩායම් අයි.එස්. සංවිධානයට බඳවා ගෙන ඇත්තේ ඔහු බවද පැවසේ.
මෙම අයි.එස්. ඒජන්තයා මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා මීට වසර හයකට පෙර සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය හා බැඳී ත්රස්ත පුහුණුව ලැබූ අයකු බවත් ඔහු අයි.එස්. සංවිධානයේ ත්රස්ත නාමයක්ද ලබාගෙන ඇති බවත් හෙළිව ඇත. පාස්කු ප්රහාරයට පළමුව සහරාන් හෂීම් ප්රමුඛ කණ්ඩායම් සිරියාවේ සිට මෙහෙයවා ඇත්තේ ද ඔහු බව හමුදා හා පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම පුද්ගලයා මේ වන විටත් ක්රියාකාරීව සිටිමින් ත්රස්තවාදය මෙරට ව්යාප්ත කිරීමේ උත්සාහයක නිරතව සිටින බව හෙළි කරගෙන ඇත. අන්තර්ජාලය මගින් ඔහු හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් ගැනද තොරතුරු ලැබී තිබේ.
ඔහු සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය මෙහෙයවමින් කටයුතු කළ කාලයේ දී (පාස්කු ප්රහාරයට පළමුව) බුද්ධි අංශ මගින් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්යාංශය ඇතුළු ප්රධානීන් දැනුවත් කර ඇතත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර නැතැයි චෝදනා එල්ල වේ. අයි.එස්. සංවිධානයේ මෙරට ඒජන්තවරයා වශයෙන් සැලකෙන මෙන්ම පාස්කු ප්රහාරයේ ප්රධාන මෙහෙයුම්කරුවකු බවට ද සොයාගෙන ඇති ඔහු හා සම්බන්ධ මෙරට අන්තවාදී ජාලය සොයා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Posted On Monday, 04 January 2021 07:50

මව්රටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදු වෙනවා-විදේශ අමාත්‍යංශයේ ලේකම්

Posted On Monday, 04 January 2021 05:36

රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර ගැනේ

Posted On Monday, 04 January 2021 05:31

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි මස සිට ස්ථාවර මිලකට

Posted On Sunday, 03 January 2021 13:47

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට ශ්‍රී ලංක යුද හමුදාවේ සහාය

Posted On Saturday, 02 January 2021 16:07