හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ විදුලි සෝපානය කඩා වැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා (89) ජීවිතක්ෂයට පත් විය.
හිටපු අමාත්‍යවරයා සිය රියදුරු සමඟ තාවකාලික විදුලි සෝපානයකට ඇතුළු වී සිදුවෙමින් පවතින අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සිය නිවසේ තුන්වන මහලට පැමිණීමේ දී ඉරිදා (25) මෙම අනතුර සිදු විය.
ඔවුන් දෙදෙනාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණ අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හිටපු අමාත්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්. ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් දේශපාලනයට පිවිසි පී.එම්.බී.සිරිල් මහතා 1977 දී එක්සත් ජාතික පක්ෂය යටතේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කර පාර්ලිමේන්තු වරමක් ලබා ගැනීමට ආචාර්ය පී.එම්.බී.සිරිල් මහතා සමත් විය.
දේශපාලනයට එක්වීමට පෙර ඔහු අම්බලන්තොට, වඳුරුප්ප රෝහල, ගොඩකවෙල රෝහල, කොස්ලන්ද, මස්කෙළිය, සෙවනගල ඇතුළු දිවයිනේ සෑම රෝහලකම පාහේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ අතර පෞද්ගලික සායනයක් ද පවත්වාගෙන ගියේය.
1977 දේශපාලනයට පිවිසීමෙන් පසු ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට කටයුතු කර ඇත.
මුළු ප්‍රදේශයේම ගොවි බිම්වලට ජලය සපයන ලුණුගම්වෙහෙර වාරි ව්‍යාපෘතිය ඔහුගේ සංකල්පයක් විය. සූරියවැව මහා විද්‍යාලය, බදගිරිය මහා විද්‍යාලය, රම්මුදුවැව විද්‍යාලය ඇතුළුව ප්‍රදේශයේ පාසල් 36ක් ගොඩනැගීමට ද ඔහු මූලික විය.
ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔවුන් සියලු දෙනාම දැනට විදේශගතව සිටිති.
ශ්‍රී ලංකාවට චීන උදව් තවදුරටත් ලබා දෙන බව චීන විදේශ අමාත්‍ය Qin Gang පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය මෙන්ම ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් අඛණ්ඩව උපකාර කරන බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය Qin Gang ඉරිදා (25) බීජිංහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි වෙත පැවසීය. අමාත්‍ය සබ්රි 24-30 දක්වා චීනයේ සංචාරයක නිරත වේ.
චීනය සහ ශ්‍රී ලංකාව ප්‍රධාන රටක් සහ කුඩා රටක් අතර මිත්‍රශීලී සහජීවනයේ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයේ ආදර්ශයක් සකසා ඇති බවත්, Belt and Road යටතේ දෙපාර්ශවයට තවත් නව ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රාර්ථනා කරන බවත් Qin පැවසීය.
ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධීනත්වය සහ ආර්ථික සංවර්ධනය සඳහා චීන රජය සහ චීන ජනතාව දිගුකාලීනව ලබා දුන් සහය ශ්‍රී ලංකාව අගය කරන බව අමාත්‍ය සබ්රි පැවසූ අතර, ණය ගැටලුව සමඟ කටයුතු කිරීමට සහ තාවකාලික ගැටලු මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීමට චීනය දක්වන සහයෝගයට කෘතඥතාව පළ කළේය.
බන්ධනාගාර නිල ඇඳුමින් පළා ගිය මරණීය දණ්ඩනය නියම වූ සිරකරු යළි අත්අඩංගුවට