1972 වර්ෂයේ ස්විඩනයේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව ලෝක පරිසර දින සැමරුමෙහි ආරම්භය සිදුවෙයි. එදින සිට සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය සමරනු ලබයි .මෙවර අප සමරනු ලබන්නේ 44 වන ජගත් පරිසර දිනයයි. ඒ “සොබා දහම හා බැඳුණු ජනතාවක්” යන කාලීන තේමාවත් සමගය.ලෝකයේ දැනට වෙසෙන බිලියන 07 ක ජනගහනයක අවශ්‍යතා ඉදිරියේ මිනිසා තව තවත් සොබා දහෙමන් ඈත් වනු ඇත.