මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (5) වීදි සංචාරය කිරීමට නියමිතය.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 08 වැනිදා සවස 3.24 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.
රටෙහි මේ වන විට පවතින කාලගුණික තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ දිස්ත්‍රික්ක 20කට ආසන්න ප්‍රමාණයක වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා(04) ආරම්භ වන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී විභාගය පැවැත් වේ. විභාගයට ඉදිරිපත්ව සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නවයකි. විභාග අපේක්ෂකයන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කල යුතු උපදෙස් මාලාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කුවේට්හි විවිධ කරදර වලට ලක්ව අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 57 දෙනෙකු 2019 ජූලි 29 වන දින යූ .එල්. 230 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, මේ සම්බන්ධයෙන් කුවේට් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පූර්ව දැනුම්දීමක් කර තිබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.