Friday, 26 April 2024

ගංවතුර ආපදා තත්ත්වය - මරණ 206ක් - සුරක්ෂිත මධ්‍යස්ථාන 365ක්

Posted On Friday, 02 June 2017 05:38

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. ආපදාව හේතුවෙන් මේ වනවිටත් විපතට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 170,486කි. පුද්ගලයින් සංඛ්‍යාව 658,490කි.


අතුරුදහන් පුද්ගලයින් සංඛ්යාව 92ක් වන අතර පූර්ණ හානි නිවාස 1713ක් හා අර්ධ හානී නිවාස 9294ක් ලෙස තොරතුරු වාර්තා වෙයි. අවතැන් වූ පයුල් 18106ක පුද්ගලයින් 68734ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 365 ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තොරතුරු වාර්තා කරයි.