Friday, 26 April 2024

සතියක් තුළ රිය අනතුරු වලින් පුද්ගලයන් 23 ක් ජීවිතක්ෂයට

Posted On Thursday, 18 February 2021 07:44

පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (17) මාරක රිය අනතුරු 3 ක් සිදුව ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරුවලින් 286 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වාර්තා වී අති මුළු රිය අනතුර සංඛ්‍යාව 413ක් පමණ වන බවත් “පසුගිය වසර එකහමාරක කාලය තුළ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් 103,010 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන් එම පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,690 වෙනවා. මීට අමතරව හැටන් ප්‍රදේශයෙන් 4,992ක්ද කුරුණෑගල ප්‍රදේශයෙන් 3,681ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.“ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.