Saturday, 27 April 2024

මේ මොහොතේ පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේ දී සංචරණ සීමා පනවමින් හුදෙකලා කිරීම් හෝ නිරෝධායන ඇදිරිනීතිය පැනවීමක් නෑ

Posted On Saturday, 12 December 2020 04:35

මේ මොහොතේ පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේ දී සංචරණ සීමා පනවමින් හුදෙකලා කිරීම් හෝ නිරෝධායන ඇදිරිනීතිය පැනවීමක් නෑ

 

එළඹෙන උත්සව සමයේදී තවදුරටත් සංචරණ සීමා පනවමින් හුදෙකලා කිරීම් හෝ නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවත් මේ මොහොතේ පවතින තත්ත්වය හමුවේ නොමැති බවත් ජනතාවගේ පැත්තෙන් සුභවාදීව සිතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දින 51ක කාලයක් සිය නිවෙස් වලින් වත් ඉවතට යාමට නොහැකි ලෙස හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස 13න් 06ක් අද උදෑසන සිට හුදකලාභාවයෙන් ඉවත් කෙරෙන බවද යුද මෞදාපතිවරයා සඳහන් කරයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (12) උදෑසන රූපවාහිනී නාළිකාවකට අඳහස් දක්වමිනි.

පසුගිය සදුදා දින පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමන් උපදෙස් දුන් පරිදි ඒලෙස හුදෙකලා කර ඇති මහල් නිවාස වල සෑම නිවසකින්ම හ් පුද්ගලයෙකු බැගින් පී සී ආර් පරීක්ෂණයට භාජනය කර යම් නිවසකින් ආසාදිතයෙකු වාර්තා වුවහොත් ඒම නිවසේ සියල්ලන්ම පී සී ආර් පරීක්ෂණයට භාජනය කරමින් ආසාදිතයින් හදුනාගැනීමේ වැඩපිළිවෙල මේ වන විට දියත් කරමින් මහල් නිවාස සමස්තයෙහි 3න් දෙකක ප්‍රමාණයක පී සී ආර් පරීක්ෂණ මේ වන විට සිදුකර අවසන් බවත් පරීක්ෂණ කිරීමට ඉතිරිව ඇති මහල් නිවාස 07හි සිටින පුද්ගලයන් ප්‍රමාණය සමස්ත පිරිසෙන් 3න් 1ක ප්‍රමාණයක් බවත් යුධහමුදාපතිවරයා පැවසුවේය.

අද සහ හෙට යන දෙදින තුළ ඒම නිවාස සංකීර්ණ හතෙහි ද පී සී ආර් පරීක්ෂණ සිදුකර ඉදිරි පැය 48ක සහ 72ක කාලය තුළ ඒම නිවාස සංකීර්ණ වලද හුදෙකලාභාවය ඉවත් කිරීමට කටයුතු කරන බවද යුධ හමුදාපතිතුමන් වැඩිදුරටත් පැවසුවේය.

ඒ් අනූව යුධ හමුදාපතිතුමන් පවසන පරිදි මෝදර මෙත්සද සෙවණෙහි නිවාස 986ම පී සී ආර් පරීක්ෂණයට භාජනය කර ආසාදිතයන් 86 දෙනෙකු හදුනාගෙන ඇත. මට්ටක්කුලියේ රන්දිය උයන නිවාස සංකීර්ණයෙහි 1264ක පී සී ආර් පරීක්ෂණ සිදුකර ආසාදිතයන් 40 දෙනෙකු සොයාගෙන ඇත. මෝදර විරුජය සෙවණ නිවාස සංකීර්ණයෙහි නිවාස 554ක 680 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයන්ට
භාජනය කර ආසාදිතයන් 78ක් හදුනාගෙන ඇත. ග්‍රෑනව්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණයෙහි නිවාස 870ක පී සී ආර් පරීක්ෂණ වලින් ආසාදිතයින් 24ක් වාර්තා වී ඇත. ග්‍රෑන්ඩ්පාස් සමගිපුර නිවාස සංකීර්ණයෙහි නිවාස 260කින් ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇත. දෙමටගොඩ මිහිදුසෙන්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස 840ක 917 දෙනෙකු පරීක්ෂා කර ආසාදිතයින් 34ක් හමුවී ඇත. මේ අනූව ඒම
නිවාස සංකීර්ණ වල සම්පූර්ණ ආසාදිතයින් සොයාගෙන ඔවුන් ඉන් ඉවත් කර ඇත. ඒම නිවාස සංකීර්ණ වල සම්පූර්ණයෙන්ම කොවිඩ් ආසාදිතයින් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු මේ මොහොතේ සිට ඒ්වායෙහි හුදෙකලාභාවය ඉවත් කර ඇත.

ඒ් අනූව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත් සද සෙවණ, මෝදර විරුජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙන්පුර යන නිවාස සංකීර්ණ 06හි හුදකලාභාවය ඉවත් කර ඇත.

නිවාස 260 සිට 1500ක පමණ ප්‍රමාණයක් මෙම නිවාස සංකීර්ණ වල පවතී. හුදෙකලාභාවය ඉවත් කළ මහල් නිවාස සංකීර්ණ 06 හි අදාල පොලිස් බල ප්‍රදේශයන්හි ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ දිනවල ඒම ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන පරීක්ෂණ ප්‍රතිඵල මත ඒම පොලිස් බල ප්‍රදේශ වල හුදෙකලාභාවය ඉවත් කිරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.