Friday, 26 April 2024

කොවිඩ් -19 ව්‍යාප්තිය අඩපණ කිරීමට විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

Posted On Thursday, 20 August 2020 07:07

කොවිඩ් -19 ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ” අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව අගෝස්තු 30 වනදාට පෙර විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී මෙම යතුරුපැදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබාදෙන බවත් මෙම අදියර යටතේ යතුරු පැදි අටසියයකට (800) වැඩි සංඛ්‍යාවක් පිරිනැමීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.