Friday, 26 April 2024

විදේශ ශ්‍රමිකයින්ට අනිවාර්ය කර ඇති කොවිඩ් පරික්ෂණ වාර්තාවේ අඩංගු විය යුතු කරුණු ගැන සයිප්‍රස් රජය දැනුවත් කරයි

Posted On Thursday, 13 August 2020 06:57

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණිමට ප්‍රථම කොව්ඩ් 19 වැළඳී නොමැති බවට තහවුරුවක් ලබා ගත යුතු අතර, එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.

 

ඒවා නම්,

1. සාම්පල ලබාගත් දිනය

2. පරික්ෂණාගාර වාර්තා ක්‍රමවේදය (RT-PCR විය යුතුය)

3. ඉල්ලුම්කරුගේ නම

4. පරික්ෂණ ප්‍රතිඵලය

RT-PCR පරික්ෂණයට අමතරව කොවිඩ් 19 වැළඳී ඇත්දැයි පරික්ෂා කිරීමට සිදුකරන වෙනත් ප්‍රතිදේහ/ ප්‍රතිදේහ ජනක පරික්ෂාවන් (Antibody/Antigen) වලංගු නොවන බවත්, ඉහත තොරතුරු අඩංගු නොවන අසම්පූර්ණ පරික්ෂණාගාර වාර්තා සයිප්‍රස් රජය මගින් පිළිනොගන්නා හෙයින් විදේශිකයින්ට එරටට ඇතුළත්වීමට අවසර ලබානොදෙන බවත් සයිප්‍රසයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය දන්වා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.