Friday, 26 April 2024

ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමේ සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්

Posted On Monday, 03 August 2020 15:40

ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමේ සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) ආශ්‍රිතව ඉදිකෙරේ.

 

කොවිඩ් -19 වැලඳුනු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) ඉටුකල සේවාව අතිමහත්ය. තිබෙන පහසුකම් මනාව කලමනාකරණය කර ගනිමින් අඩු පහසුකම් යටතේ වුවද විශිෂ්ට සේවාවක් ලබාදීමට එම ආයතනය සමත් විය.

කෙසේවෙතත් ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ඕනෑම බෝවන රෝග වසංගතයකදී ඊට සාර්ථකව මුහුණ දීමත් එහි ව්‍යාප්තිය අවම කරගැනීමත් අරමුණු කර ගනිමින් රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

මෙම මධ්‍යස්ථානය ගොඩ නැංවීමෙන් පසු අනාගතයේදී මුහුණදීමට සිදුවන ඕනෑම බෝවන රෝග වසංගතයකට සාර්ථකව මුහුණ දීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාවට වැඩි හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.කඩිනමින් මෙම නවීන වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සිදුකරන බවද, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන්කර දී ඇති බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.