Friday, 26 April 2024

ජනවාරි 01 දා සිට විශේෂ ජාතික රුක් රෝපණ සතියක්

Posted On Tuesday, 31 December 2019 09:46

"හැදෙන රටට වැඩෙන ගසක්" යන තේමාව ඔස්සේ විශේෂ ජාතික රුක් රෝපණ වැඩසටහනක් ජනවාරි 01 සිට සතියක කාලයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ''සෞභාග්‍යමත් දැක්ම'' රට ගොඩනැඟිමේ ප්‍රතිපත්තිමය වැඩසටහන යටතේ පරිසර හා වනජිවි සම්පත් අමාත්‍යාංශය මඟින් වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙහි සමාරම්භක උත්සවය ජනවාරි 01 දා පෙ.ව 9.49 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය.

මෙයට සමගාමීව මහවැලි අධිකාරිය තුළ ද වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබේ.

එහි දී හම්බන්තොට,මොණරාගල දිස්ත්‍රික්කවල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මහක කරන අතර තෝරාගත් ගොවි සංවි‍ධාන, රාජ්‍ය හා වෙනත් ආයතන වෙත මහවැලි කලාප තුළ නිෂ්පාදනය කළ පැළ ලක්ෂ 41ක ප්‍රමාණයක් බෙදා දීමට නියමිතය.

සමස්ත රුක් රෝපණ වැඩසටහනේ දී පැල ලක්ෂ 05ක් රෝපණය කිරීම අපේක්ෂා කරයි.