Friday, 26 April 2024

2020 පළමු පාසල් වාරය ජනවාරි 02 ඇරඹේ

Posted On Friday, 27 December 2019 05:54

2020 වසරේ පළමු පාසල් වාරය ජනවාරි (02) දිනයේ දී ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් 2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.