Friday, 26 April 2024

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් ඉල්ලීමක්

Posted On Tuesday, 10 December 2019 05:47

රාජ්‍ය අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිස් දෙදෙනෙකු ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සියපත්වීම් ලිපි ලබාගත්තේය. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී  ඇත්තේ ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවන ලෙසයි.



මෙහිදී රාජ්‍ය අමාත්‍යාංශ තිස් දෙකක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළේය.