Saturday, 27 April 2024

ආපදා තත්ත්වය පිළිබද රතු නිවේදන තවමත් ක්‍රියාත්මකයි

Posted On Wednesday, 04 December 2019 05:38

නුවර, නුවර එළිය, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නායෑම් පිළිබඳ රතු නිවේදන තවමත් නිකුත් කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරයි.



පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන් ම ආපදා තත්ත්වයෙන් යම් අඩුවීමක් දක්නට ලැබෙන බව කී ප්‍රදීප් කොඩිප්පිලි මහතා,මුලතිව්,කිළිනොච්චි ප්‍රදේශවල වැසි තත්ත්වය පවතින බවත් අමතර බෝට්ටු සූදානම් කර තිබෙන බවත් පැවසීය.

කුඹුක්කන් ඔය, රාජාංගනය,තබ්බෝව, නාච්චදූව, කලාඔය,ඉඟිණිමිටිය යන ජලාශවල වාන් දොරටු විවෘතව පවතී.මෙම වාරි කලාපවල පහළ සිටින ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය ජනතාවට දැනුම් දෙයි. ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 4522ක පුද්ගලයින් 14688ක් පීඩාවට පත්ව සිටියි.

මාර්ග අවහිර වීම තවමත් දක්නට තිබේ. බදුල්ල වැලිමඩ මාර්ගයේ අතුරු මාර්ග, පොළොන්නරුව සුංගාවිල-සෝමාවතිය මාර්ගය ජල ගැලීම හේතුවෙන් මාර්ගය වසා දම ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපද මධ්‍යස්ථානය පවසයි.