Friday, 26 April 2024

ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වැසේ

Posted On Tuesday, 03 December 2019 09:20

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වසා තැබීමට නියමිත බව වාර්තා වේ.



කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය (Katana Water Supply Project) මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගයේ ජල නල එළිම මේ දිනවල සිදු කෙරෙන හෙයින් දෙසැම්බර් 07 දින සවස 6.00 සිට දෙසැම්බර් 08 වන ඉරුදින මධ්‍යහ්න රාත්‍රි 12.00 දක්වා එම මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබේ. එහෙයින් ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රි ලංකා) සංගමය  ගුවන්තොටුපල වෙත පැමිණිනෙන මඟින්ගෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ඉල්ලා සිටියි.