Friday, 26 April 2024

ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5415 ක්

Posted On Monday, 02 December 2019 06:52

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනුයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇති වූ ජල ගැලීම් හ නාය යෑම් හේතුවෙන් මේ වනවිට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5415 ක් බවයි.



පීඩාවට පත්ව ඇති පවුල් ගණන 1480 කි. පුද්ගල මරණ 05ක් වාර්තා වන අතර තුවාල කරුවන් 04ක් වාර්තා වී ඇත. මේ වනවිට ආරක්ෂිත ස්ථාන 08 ක පුද්ගලයින් 619 ක් රඳවා සිටීන බවද වාර්තා වේ.

මේ වනවිට උතුර,නැඟෙනහිර, වයඹ, ආදී පළාත්වල පවතින තත්ත්වය අඩු වීමක් දක්නට තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට සහන සේවා සැපයීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව පැය 24 පුරා අඛණ්ඩ සේවයක් ලබාදෙනු ඇත. තවද ජලාශ බොහොමයක වාන්  දොරටු විවෘත කර තිබේ. එබැවින් පහළ වාරි ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.