Friday, 26 April 2024

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය අද සිට ඇරඹේ

Posted On Monday, 02 December 2019 06:49

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය අද (2) දිවයිනේ සියලු ම විභාග මධ්‍යස්ථානවල දී ආරම්භ වෙයි.



විභාගය උදෑසන 8.30ට විභාග ආරම්භ වන අතර පැය භාගයකට ප්‍රථම විභාග මධ්‍යස්ථාන වෙත විභාග අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

විභාගයට පෙනී සිටින සියලු සිසුන් විභාගයට පෙනී සිටීමට පෙර සිය අනන්‍යතා සහතික ඉදිරිපත් කළ යුතු වෙයි.

විභාග ප්‍රවේශ පත්‍රය මෙතෙක් නොලැබුණු අපේක්ෂකයන් වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබාගත හැකියි.

විභාග නීති කඩ කිරීමක් සිදු කලහොත් වහාම පහත අංක වලට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. විභාග දෙපාර්තිමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112 78 42 08, 0112 78 45 37, 0113 18 83 50 /0113 14 03 14 එම අංක වෙයි.

මෙවර විභාගය සදහා සිසුන් හත් ලක්ෂ දාහත් දහසක් පමණ පෙනී සිටීමට නියමිතය. විභාග මධ්‍යස්ථාන 4987ක විභාගය පැවැත්වෙයි.

දෙසැම්බර් 12 වැනිදා විභාගය අවසන් වීමට නියමිතයි.