Saturday, 27 April 2024

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Posted On Friday, 22 November 2019 07:10

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිතය. දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇත.



ජයරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීමට සූදානමින් සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,රාජ්‍ය නිළධාරීන්ට,ඥාති හිතමිත්‍රාදීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඒ සඳහා දහවල් 12.30 වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වූයේ 1970 වසරේ දීය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු.ජයරත්න මහතා එහි 13 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලබා ගෙන ඇත.