Friday, 26 April 2024

ඡන්දය දැමීමට දැඩි උද්‍යෝගයක්- සියයට 25% ඉක්මවයි

Posted On Saturday, 16 November 2019 08:58

හත් වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (16) උදේ 07.00 ට ආරම්භ වූ අවස්ථාවේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකම ඡන්දදායකයෝ මහත් උද්‍යෝගයකින් ඡන්ද පොළවල් වෙත පැමිණෙමින් සිටින බව අප දිස්ත්‍රික් මාධ්‍යවේදීහු පවසති.



ඇතැම් ප්‍රදේශ වල ජනතාව උදේ 07.00 ට පෙර පැමිණ ඡන්ද පොළේ කටයුතු ආරම්භ වන තුරු පෝලිම් ගැසී සිටින බව ද, ඒ අතර කාන්තාවන් දැඩි උනන්දුවකින් ඡන්දය දැමීමට පැමිණි බවත් ඔවුහු සඳහන් කරති.

අද පෙරවරුව පමණ වන විට බොහෝ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශනය 25% ක් ඉක්ම වූ බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වාර්තා කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය පෙ.ව.10.00 වන විට සියයට 30ක් ද ගම්පහ 30% ,මහනුවර 30%,නුවර එළිය 40% අනුරාධපුර 30%,පොළොන්නරුව 20% මාතර 30%ක්  රත්නපුර 44%ක්  ලෙස වාර්තා වෙයි.

 

chandaya damima

 

chandayaaa