Friday, 26 April 2024

16 හා 17 දෙදින සුරාසල් වැසේ- නීති විරෝධී අලෙවිය වැලැක්වීමට විශේෂ වැටලීම්

Posted On Friday, 15 November 2019 07:27

මැතිවරණ කොමිසමේ නියමය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන්හි දී (16 හා 17) දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.



එම දිනයන්හි දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයන් හා ස්ථාන වැටලීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.