Friday, 26 April 2024

ඡන්දය භාවිතා කරන ආකාරය ඡායාරූප ගෙන මුහුණු පොතේ දමන රජයේ නිලධාරීන්ට වසර තුනක සිරදඬුවම්-මෙවැනි සිදුවීම් ගැන කණගාටු වෙනවා

Posted On Friday, 01 November 2019 04:54

රජයේ නිලධාරින් ඡන්දය භාවිතා කිරීම ඡායාරූප ගෙන මුහුණු පොතේ දැමීම නීති විරෝධී බවත් එය වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එසේ සිදු කරන නිලධාරීන්ට එරෙහිව වසර තුනක සිරදඬුවම් ලබාදිය හැකි බවත් මැතිවරන කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.



සභාපතිවරයා, ඊයේ (31) රාජගිරිය මැතිවරන කොමිෂන් සභා කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

තැපැල් ඡන්ද ලකුණු කෙරෙනවා.රජයේ නිලධාරින් ඡන්දය භාවිතා කරන ආකාරය පින්තුර අරගෙන මුහුණු පොතේ දාලා ප්‍රසිද්ධ කරන බවට තොරතුරු තිබෙනවා. එය  නීති විරෝධී .එය නවත්වන්න. අපිට හොයා ගන්න පුළුවන්. මෙය සොයා ගත්තොත් අපි ඒ නිලධරයා සොයා ගෙන වසර තුනකට හිරේ යවනවා.

සහතික කිරීමේ නිලධාරින් යවා තිබුණා වළවන්න. යම් තැනක දාලා තිබුණොත් ඒ නිලධාරීන් ගැනත් සිතන්න සිදු වෙනවා. එය කණගාටු දායක දෙයක්. ඒ පිළිබඳ කණගාටු වෙනවා.

මෙය වහම නවත්වන්න යැයි ද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ ය.