Friday, 26 April 2024

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය 28 අද සිට වේදිකා ගත වේ.

Posted On Friday, 20 September 2019 08:44

නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2019 සැප්තැම්බර් 20 සිට 28 වන දින දක්වා ප.ව 5.00 සිට මරදාන,ටවර්හෝල් රඟහලේදි පැවැත්වේ.



දිනකට නාට්‍ය 3 බැගින් වේදිකා වන අතර මෙය සම්පුර්ණයෙන් ම මහජනතාවට නොමිලේ ප්‍රදර්ශනය කෙරේ. රාජ්‍ය ළමා නාට්‍ය උළෙල  සඳහා මෙවර  පිටපත් 253ක් ඉදිරිපත් කර තිබු අතර ඉන් 28ක් පමණක් අවසන් වටයට තෝරා ගැණිනි.සිමිත හා විවෘත යන කාණ්ඩ දෙක ඔස්සේ සිංහල,දෙමළ,ඉංග්‍රිසි යන අංශ ත්‍රිත්වයෙන් ම නාට්‍ය ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දි තිබේ.මෙහි සිමිත අංශ පාසල් අංශය වන අතර විවෘත අංශය සඳහා ඕනැම අයෙකුට නාට්‍යය ඉදිරිපත් කිරිමේ අවස්ථාව ලබා දි තිබිණි.

 සිංහල මාධ්‍යයේ සිමිත අංශයෙන් නාට්‍ය පිටපත් 182ක් ඉදිරිපත් වි තිබු අතර අවසන් වටය සඳහා නාට්‍ය 12ක් තෝරා ගෙන තිබේ.එමෙන් ම සිංහල මාධ්‍යයේ විවෘත අංශය සඟඳහා නාට්‍ය පිටපත් 40ක් ඉදිරිපත් කර තිබු අතර ඉන් 8ක් අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.

දෙමළ මාධ්‍යයෙන් සිමිත අංශය සඳහා නාට්‍ය පිටපත් 15ක් ඉදිරිපත් වු අතර ඉන් 1ක් පමණක් අවසන් වටය සඳහා තෝරා ගෙන ඇත.විවෘත  අංශයෙන් නාට්‍ය පිටපත් 11ක් ඉදිරිපත් වු අතර ඉන් 3ක් අවසන් වටයට තේරි තිබේ.

ඉංශ්‍රිසි මාධ්‍යයේ සීමිත අංශය සඳහා නාට‍්‍ය පිටපත් 3ක් ඉදිරිපත් කර තිබු අතර ඉන් 2ක් පමණක් අවසන් වටයට තෙරිණි.එමෙන් ම  විවෘත අංශයෙන් පිටපත් 2ක් ඉදිරිපත් වු අතර ඉන් එක් පිටපතක් අවසන් වටයට සුදුසුකම් ලැබිණි.මේ අනුව අවසන් වටය සඳහා සිංහල,දෙමළ,ඉංශ්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්  මෙවර නාට්‍ය පිටපත් 28ක් අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.

මෙහි ත්‍යාග ප්‍රධානොත්සවය 2019 ඔක්තොබර් මස 18 වන දින නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේදි සිදු කිරිමට නියමිතය.