ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජූනි 19 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය අනුව මහනුවර වරාතැන්න - හක්කිද ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සදහා නම් කරන ලද පාරිසරික ආරක්ෂණ කමිටුව මහනුවරදී පිහිටුවන ලදී.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සෑම වසරකම දෙසැම්බර් මස 18 දින ජාතික අක්ෂිදාන දිනය සමරයි.
සියලුදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව තම නිපුණතා වර්ධනය කරගනිමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය ක්ෂේත්‍රයන්හි පූර්ණකාලීන හා අර්ධකාලීන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දෙසැම්බර් මස 13 දින පෙ.ව. 05.30 වන විට උතුරු අක්ෂාංශ 6.5 සහ නැගෙනහිර දේශාංශ 88.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 850 ක් පමණ නැගෙණහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.