ඕමානයේ, මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් සේවයක් අද ආරම්භ විය. ඒ, සලාම් එයාර් ගුවන් සේවය විසිනි. එහි පළමු ගුවන් ගමන සිදුකරමින් සලාම් එයාර් ගුවන් සේවයේ ඕ වී 431 යානය අද (25) පෙරවරු 08 ට කටුනායක ගුවන් තොටුපළට ලගා වූ බව වාර්තා වේ. ඒ, මගීන් 86 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 සමන්විතවයි.
යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි
දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කළේ ය.
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතය. දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇත.