Wednesday, 01 May 2024
නව පුවත්

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්නකුමාර් කුන්නන් අභාවප්‍රාප්ත වී තිබේ . ඊයේ (31) කොල්කටා හි පවතී සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කීපයකට පසු ඔහු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ය. අදාළ ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයේ ඔහු ඇදවැටී මියගොස් ඇතිබව වාර්තා වෙයි.

මිය යනවිට 53 වන වියේ පසු වූ කේ කේ 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර "පල්" සහ "යාරෝන්" යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

බොලිවුඩ් චිත්‍රපට රැසක ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කර ඇත.

Posted On Wednesday, 01 June 2022 05:41
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ලබාදුන් ජනාධිපති සමාව 
ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා.
Posted On Tuesday, 31 May 2022 10:32

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩු තීන්දුව ජුනි මස 6 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කරයි. එහි පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වය යන දෙපාර්ශ්වයම විනිසුරුවරයා ඉදිරියේ වාචික කරුණු දැක්වීම අවසන් කර ඇත. රුපියල් මිලියන 64ක ඉතිරි මුදල ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග සහ තුන්වැනි විත්තිකරු වන නරේෂ් කුමාර් ෆාරීක් ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබුණා.

 ප්‍රසන්න රණතුංගට සහ ඔහුගේ බිරිඳට එරෙහිව තුන්වැනි විත්තිකරු වන නරේෂ් කුමාර් ෆාරීක් නොපැමිණීම හේතුවෙන් නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය. ෆාරීක් විමර්ශන ආරම්භයේ සිටම උසාවි මගහරිමින් සිටියේය. 2015 අප්‍රේල් 6 වැනිදා සිට 2015 ජුනි 2 වැනිදා දක්වා කාලය තුළ වැරදි සිදුකිරීමේ චෝදනා මත ප්‍රසන්න රණතුංග, මොරීන් රණතුංග සහ නරේෂ් කුමාර් ෆාරීක් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා 15ක් යටතේ නඩුව ගොනු කෙරීණි.

Posted On Tuesday, 31 May 2022 09:59

සා.පෙළ සිසුවිය අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විධිමත් පරීක්ෂණයක්

Posted On Tuesday, 31 May 2022 07:53

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

Posted On Tuesday, 31 May 2022 07:49